බැඳුම්කර සමාගම රුපියල් ට්‍රිලියන 11 ක ගනුදෙනු කරලා !

Published in පුවත්
Saturday, 11 February 2017 10:31

මහ බැංකු බැඳුම්කර ගනු දෙනුව නිසා ආන්දොලනයට ලක්ව සිටින පර්පචුවල් ට්‍රෙශරීස් සමාගම පසුගිය කාලය තුල රුපියල් 11,060,917,180,000.00 ක ගනුදෙනු ප්‍රමාණයක් සිදු කොට ඇති බව ප්‍රකාශ කරයි.

මේ බව හෙළිවන්නේ මෙම සමාගම විසින් ශ්‍රි ලංකා මහ බැංකුවට හා මුල්‍ය මණ්ඩලයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පසුගිය 09 වන දා ගොනු කර ඇති රිට් පෙත්සමක් මඟිනි. මෙම සමාගම විසින් සිදු කරනු ලැබු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් මේවන විට සිදු කෙරෙන විමර්ශනවලට අදාලව පනවනු ලැබු සීමා කිරීම් වලට එරෙහිව රිට් පෙත්සම ගොනු කරනු ලැබීය.

පර්පචුවල් ට්‍රෂරීස් සමාගමට එරෙහිව මහ බැංකු මුල්‍ය මණ්ඩලය විමර්ශන්යක් ආරම්බ කර ඇති අතර මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලීම මත රහස් පොලීසියද පරීක්ෂණයක් ආරම්බ කර තිබේ.
මෙමගින් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතාට චෝදනා කොට ඇති අතර තවත් වග උත්තර කරුවන් 13 නම් කොට ඇත. සමාගම පෙන්වා දෙන්නේ මහ බැංකුවේ අංක 35/03/016/007/001 චක්‍ර ලෙඛයේ 17 වන වගන්තිය ප්‍රකාරව සමාගමට හිමි සහන භුක්ති විඳීමට වග උත්තර කරුවන් විසින් අවහිර කිරීමක් ඔවුන්ගේ ක්‍රියා කලාපය තුළින් උද්ගත වන බවත් ට්‍රිලියන 11 ක පමණ ගනු දෙනු සිදු කර ඇති තම සමාගම ට එරෙහිව මුල්‍ය මණ්ඩලය දරදඬු ලෙස ක්‍රියා කිරීම අයුක්ති සහගත බවත්ය.

මෙම පෙත්සම මඟින් නම් කොට තිබෙන වගඋත්තර කරුවන් අධිකරණය හමුවට කැඳවන ලෙසත් මුල්‍ය මණ්ඩලය 2016 නොවැම්බර් 07 දින හා 2017 පෙබරවාරී 03 වන දින නිකුත් කරන ලද ලිපි බලරහිත කරන ලෙසත් හා පනවා ඇති නියමයන් හා විධිවිධාන ක්‍රියාත්මක කිරීම අත්හි‍ටුවන අතුරු තහනම් නියොගයක්ද නිකුත් කරන ලෙසද ඉල්ලා සිටී.

මේ අතර මෙම බැඳුම්කර ගනු දෙනුව සම්බන්ධයෙන් ජනාධිපති බැඳුම්කර කොමිසම මේ වන විට සිය විමර්ශන කටයුතු ආරම්බ කර තිබේ. කෙසේ නමුත් ජේෂ්ඨ ඇමැතිවරයකු සඳහන් කරන්නේ මෙම සමාගමට එරෙහිව නීතිමය වශයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් ගැනීමේ හැකියාවක් නොමැති බවය. එහෙත් හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව යම් පියවරයක් ගත හැකි නමුත් ඔහු කටයුතු කරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියොගය අනුව බවට ප්‍රකාශ කර ඇති බැවින් අවසන් වගඋත්තර කරුවා අගමැතිවරයා බවට පත්වීම වැලැක්විය නොහැකි බවත්ය. එසෙම කිසිදු ආකාරයකින් හෝ බැදුම්කර ගනුදෙනුව මඟින් හුවමරු වූ මුදල් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත නොහැකි බවත් ඇතැම් ඇමැතිවරුන් කියන්න සේ ' හොරකම් කළ මුදල් නැවත අත්පත්කර ගන්නවා' යන්න නොදන්නා කම මත සිදු කෙරනු ලබන විකාර කතා බවත් ජේෂ්ඨ ඇමැතිවරයකු පෙන්වා දෙනු ලැබීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us