විබම සභපති ඉල්ලා අස්වුණේ සියඹලාගේ බටයාගේ දූෂිත වැඩ නිසා

Published in පුවත්
Friday, 28 April 2017 12:11

මෙතෙක් විදුලිබල මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ පැවති අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සෘජුව සාමාන්‍යාධිකාරිවරයා යටතට පත් කිරීම සඳහා විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ලේකම් සුරේන් බටගොඩ දරන උත්සාහය සියලු යහපාලන හා විගණන මුලධර්ම උල්ලංඝණය කිරීමක් බව දුෂණ විරෝධී පෙරමුණ පවසයි.

දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.

විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය මේ දක්වා පැවතියේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ය. විදුලි ඉංජිනේරු මාෆියාව නමින් ප්‍රකට ‘විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය’ විසින් එය සෘජුව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා යටතට පත් කරන ලෙස බලපෑම් කොට ඇත. අමාත්‍ය සියඹලාපිටිය සහ ලේකම් සුරේන් බටගොඩ, විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති අනුර විජේපාල මහතා ට උපදෙස් දී ඇත්තේ 2017 මැයි 2 දින (අගහරුවාදා) ට පෙර අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සමාන්‍යාධිකාරිවරයා යටතට පත් කරන ලෙසයි.

ලෝකයේ කිසිදු විගණන මුලධර්මයකට අදාළ නොවන ඉහත ඉල්ලීම විදුලිබල මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩය විසින් ප්‍රතිකේෂ කොට ඇත. එහි ප්‍රතිඑලයක් ලෙස අනුර විජේපාල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කොට ඇත.

ඩීසල් විදුලි මාෆියාව, අන්ත දුෂිත ගල් අඟුරු මිල දී ගැනීම, ඩීසල් ජෙනරේටර් මිල දී ගැනීම වැනි අන්ත දුෂිත ගණුදෙනු සදහා ආවරණය සැපයූ විදුලිබල මණ්ඩලයේ සභාපති විජේපාල මහතා ට පවා සියලු යහපාලන මුල ධර්ම හා විගණන මුල ධර්ම උල්ලංඝනය කරමින් සිදු කිරීමට යෝජනා කරන අභ්‍යන්තර විගණන අංශය සාමන්‍යාධිකාරිවරයා යටතට පත් කිරීමේ යෝජනාවට එකඟ විය නොහැකි බැවින් සිය ඉල්ලා අස්වීම ලබාදී ඇති බව ‘දුෂණ විරෝධී පෙරමුණ’ විශ්වාස කරයි.

• අංක 16/2774/727/056 දරණ කැබිනට් පත්‍රිකාව හරහා ජෙනරේටර් මිල දී ගැනීමේ දුෂණය හි මුල්‍ය වටිනාකම රු. මිලියන 6,268 කි.

• 2017 මාස 2 ½ තුළ ගල් අගුරු මිලදී ගැනීම මගින් රු. මිලියන 1953 ක් රටට අහිමි වී ඇත.

• විදුලි ඒකකයක් රු. 12-13 ට නිෂ්පාදනය කරන ගෑස් බලගාර යෝජනා 6 ක් අතහැර දමා ඩීසල් විදුලිය රු. 32 බැගින් මිල දී ගැනීමට විදුලි බල ලේකම් මේ වන කටයුතු කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ලේකම් සුරේන් බටගොඩ යටතේ සිදුවෙමින් දුෂණ අක්‍රමිකතා වසා ගැනීම සදහා මේවන විට පිළිගත් ආයතනින හා විගණන මුලධර්ම පවා බිඳ දමමින් සිටින බව ‘දුෂණ විරෝධී පෙරමුණ’ නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

 

adaderana

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us