මාධ්‍යවේදීන්ට වන්දි ගෙවීමේ අරුම පුදුම ලැයිස්තුව මෙන්න !

Published in පුවත්
Saturday, 01 April 2017 20:55

පසුගිය රාජපක්ෂ සමයේදී පීඩාවට පත් මාධ්‍යවේදීන් සඳහා වන්දි ප්‍රදානය කිරීම සඳහා යහපාලන ආණ්ඩුව විසින් ගත් තීරණය අනුව වන්දි හිමිවන මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවක් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබේ. මෙහිදි මාධ්‍යවේදීන් 38 දෙනෙකුගේ ලැයිස්තුවක් ජනමාධය අමත්‍යංශයේ කමි‍ටුවක් විසින් පිලියල කර තිබිණි. රුපියල් 25,000, 50,000 හා 100,000 වශ්යෙන් එම වන්දි ගේවීමට තීන්දු කර ඇත. ඒ අනුව කාණ්ඩ 3 ක යටතේ වෙන වන්දි ගෙවීම සඳහා වැය වන මුලු මුදල ලක්ෂ 21.5 කි !

එහෙත් මෙහි ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ ,පහර කැමට ලක්වූ කීත් නොයාර්, තර්ජනයට ලක්ව රට හැරයාමට සිදුවූ මන්දනා ඉස්මයිල්ල අත්අඩංගුවට ගත් චන්සන සිරිමල්වත්ත යන ජේෂ්ට මාධ්‍යවේදින්ගේ හෝ නම් ඇතුලත්ව නොතිබිණි. එසේම උතුරු නැගෙනහිර පළාත් හී ඝාතනයට, පහර කෑමට, තර්ජනයට, අත් අඩංගුවට පත් වූ කිසිදු මාධ්‍යවේදියකුගේ නමක් ඇතුලත් නොවීම විශේෂ කරුණකි. එමෙන්ම රට හැර යාමට සිදුවූ මාධ්‍යවේදින්ද මීට අයත් නැත. දෙණියාය මාලිගය හෙලිදරව් කිරීම නිසා අත් අඩංගුවට පත් මාධ්‍යවේදීන් තිදෙනා ද මෙහි නැත. එමෙන්ම අත් අඩංගුවට පත් වෙබ් අඩවි මාධයවේදීන් 8 දෙනාද මෙහි නැත. මෙහි නම් ඇතුලත්ව ඇති 23 දෙනෙකු රජයේ මාධ්‍ය ආයතනයන් හී සේවය කළ මාධ්‍යවේදී වේ.

කෙසේ නමුත් මෙම ලැයිස්තුවෙහි අඩු පාඩු හේතුවෙන් විදේශ ඇමැති මංගල සමරවීර මෙම වන්දි ගෙවීමේ සැලැස්මට එරෙහි වීම නිසා නැවත අධිකරණ ඇමැති, ජනමාධ්‍ය ඇමැති හා සමරවීර මහතාගේ සහභාගිත්වයෙන් යුතු කමි‍ටුවක් පත් කර නැවත ලැයිස්තු සකස් කිරීමට පියවර ගෙන තිබේ. එසෙම මෙහි වන්දි මුදල තීරණය කිරීම සම්බන්ධයෙන්ද ගැටලු තිබෙන අතර ඒ කුමන පදනමකින් සිදු කළේද යන්න ප්‍රශ්නකාරීය. පැවැති රාජපක්ෂ රෙජීමයට එරෙහිව දැඩිව කටයුතු කළ ලංකා ඊ නිවෙස් වෙබ් අඩවි කාර්යාලය ගිනි තබා විනාශ කෙරුණු අතර එහි සංස්කාරක සඳරුවන් සේනාධිරට මරණීය තර්ජන නිසා රට හැර යෑමට සිදුව තිබුනු නමුත් ඒ වෙනුවෙන් ගෙවීමට තීරණය කර තිබුණේ රුපියල් ලක්ෂයකි.

ඇමැති මණ්ඩල ‍රැස්වීමේදී මේ ලැයිස්තුව දු‍ටු ඇමැති සරත් ෆොන්සේකා, එහි සංජීව සමරසිංහ මාධ්‍යවේදියාට වන්දි ගෙවීමට දැඩිව විරුද්ධ වී තිබේ. ඒ ඔහු මිට පෙර ෆොන්සේකා මහතාගේ මාධ්‍ය ලේකම්වරයාව සිටි ඉන් ඉවත්ව රාජපක්ෂ පිලට එකතු වී ෆොන්සේකාට විරුද්ධව කටයුතු කිරීම පදනම් කර ගෙනය.

media list

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us