ලංකාවට ISIS තර්ජන නැහැ ! රාජ්‍ය බුද්ධි අංශ අවධාරණය කරයි !!

Published in පුවත්
Saturday, 01 April 2017 12:57

අයිඑස්අයිඑස් සංවිධානයේ තර්ජනයක් මෙරටට නැති බව රාජ්‍ය බුද්ධි සේවා අවධාරණය කරයි. පසුගියදා මෙරට සංචාරයක නිරත වූ ආසියානු පැසිපික් කලාපය බර ඇමරිකානු ආරක්ෂක නියොජිතයා වන මෙජර් ජනරාල් බ්‍රයන් ෆෙන්ටන් මහතා ශ්‍රී ලංකාව අයිඑස්අයිඑස් ත්‍රස්තයන්ගේ තර්ජනයට ලක්ව ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බුද්ධි අංශ ප්‍රධානියකු මේ බව පැවසීය.

ඉංදියාව, පකිස්තානය, මාලදිවයින, භූතානය, බංග්ලාදේශය නේපාලය යන කලාපීය රටවල මෙම ගැටලුව තිබෙන නමුත් මෙරට සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක නොමැති බවත් විදේශිය ඔත්තු සේවා මගින් හො එවැනි තොරතුරක් වාර්තා වී නැති බවත් ඔහු පෙන්වා දෙයි.

විදෙශ බුද්ධි අංශ පෙන්වා දෙන්නේ මාලදියයිනෙ හි අයි එස් අයි එස් ත්‍රස්ත්‍රයන් 400 ක පමණ සිටින බවය. මාලදිවයින වාසීන්ට මෙරටට ඇතුලත් වීමෙදී විසා ලබා ගැනීමක් සිදු නොවන නිසා නිරන්තරයෙන් එම රට වැසියන් මෙරටට පැමිණීම සිදු වේ.මේ අනුව ත්‍රස්ත්‍රයන්ටද මෙරටට ඇතුල් වීමෙහි ඉඩ කඩක් පැවැතිම මත මේ ගැටලුව ඇති වී තිබෙන බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙයි. මේ වන විට කොළඹ ආශ්‍රිතව විශාල වශයෙන් මාලදිවයින් ජනයා පදිංචිව සිටී.
මේ අතර කොළඹ බුලස් පාරේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය අවට ප්‍රදෙශයේ විශාල වශයෙන් මුස්ලිම් ජාතිකයන් පදිංචිව සිටීම නිසා ඒ ත්‍රස්ත්‍රයන්ගේ පහසු ඉලක්කයක් විය හැකි බවට රුසියනු තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස මීට පෙර විදෙශ කටයුතු අමාත්‍යංශයෙන් හා ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක්ද කර තිබිනි. නමුත් අනවසර ඉදිකිරීම රාශියක් පවතින බැවින් ඒ ඉවත් කිරීම සිදු කිරීම ගැටලුවක්ව පවතින බව මෙරට බලධාරෙන් පෙන්වා දී ඇත.

කෙසේ නමුත් රාජ්‍ය බුද්ධි අංශ පෙන්වා දෙන්නේ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව මෙරටේ ඇතැම් අන්තවාදී සංවිධාන වල ක්‍රියාකාරම් තව දුරටත් වැඩිවීම සිදු වුවහොත් ත්‍රස්ත්‍ර ක්‍රියාකාරකම් වලට පෙළඹීමේ අවස්ථාවක් තිබිය හැකි බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us