පළාත් සභා මැතිවරණයට ශ්‍රීලනිපය එකට

Published in පුවත්
Saturday, 01 April 2017 12:35

මෙම වසරේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී ශ්‍රිලනිපයේ මහින්ද පාර්ශ්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් ශ්‍රිලනිපය ලෙස තරග කිරීම සඳහා මේ වන විට එකඟතාවයකට පැමිණ ඇත.

මහින්ද පාර්ශ්වය වෙනම පක්ෂයක් ලෙස ගොනුවී ශ්‍රිලනිපයෙන් වෙන්ව තරග කිරීම සඳහා පසුගිය කාලයෙ දැරු උත්සාහය අසාර්ථක වීම මත මෙම මෙම තීන්දුව ගැනීමට සිදුව තිබේ. පසුගියදා මහින්ද පාර්ශ්වය විසින් හබරාදුව නගරයේදි පැවැත් වූ ජන රැලිය සඳහා එක්දහස් පන්සියයක හෝ පිරිසක් එක්කර ගැනිමට නොහැකි වීමෙන් පසුව තව දුරටත් වෙන්ව ගමන් කළ නොහැකි බවට එම පාර්ශ්වයේ ජේෂ්ඨ මන්ත්‍රීවරු ගනනාවක් මහින්ද රාජපක්ෂට අවධාරණය කර තිබේ.

පිරිස නොමැතිකම නිසා ඒමොහොතේම ‍රැළියේ සංවිධායකයන්ට බැණ වැදීමට මහින්ද රාජපක්ෂ කටයුතු කළ නමුත් තව දුරටත් විශාල ජන රැලි සංවිධානය කිරීම නොකළ යුතු බවට තීන්දු කර ඇතැයි ද දැනගැනිමට තිබේ.

මේ වන විට මහින්ද පාර්ශ්වයේ නියොජනය කළ මන්ත්‍රීවරු ගන්නාවක් ජනාධිපතිවරය සමඟ එක්ව කටයුතු කරමින්ද සිටී. කෙසේ නමුත් මෙම තීරණයට බැසිල් රාජපක්ෂ විරුද්ධ වී ඇති බවත් එම පාර්ශ්වයේ තොරතුරු මාර්ග පෙන්වා දෙයි. ඔහු ගාලුමුවදොර පිටියේ දැවැන්ත මැයි ‍රැළියක් සංවිධානය කිරීමට මේ දින වල උත්සහ ගනිමින් සිටියද ඒ සඳහා විශාල විරෝධයක් එම පාර්ශ්වයෙන්ම මතු වෙමින් තිබේ. එමෙන්ම මෙම මැයි ‍රැලිය සඳහා ගාලු මුවදොර පිටිය ලබා දීමට වරාය ඇමැති අර්ජුන රණතුංගගේ මැදිහත් වී ඇත.
මේ අතර පසුගිය සතියේ එජාප ඇමැතිවරු අගමැතිවරයා සමඟ පැවැත්වූ සාක්ච්ඡාවකදී එජාපය තුල සිටිමින් මහින්ද රාජපක්ෂගේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරන පිරිසක් ගැන සාකච්ඡාවට ගෙන තිබූ අතර එහිදී අර්ජුන රණතුංගගේ හා විජේදස රාජපක්ෂගේ ක්‍රියාකලාපය තදින් විවේචනයට ලක්ව තිබිණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us