කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මෙවර මනාප 423,529 ක් ලබා එම ලැයිස්තුවේ පෙරමුණට පැමිණ තිබේ. දයාසිරි ජයසේකර මහතා මනාප 133,832ක් ලබා දෙවැනි ස්ථානයට පැමිණ ඇත.

මංගලගේ 7 වෙනි ජය

Published in පුවත්
Tuesday, 18 August 2015 19:40

මාතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙවර මහ මැතිවරණය ජය ගත්තේ 7 වෙනි වතාවටය. 1989 සිට ඔහු නොකඩවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 

අද නිකුත් කළ විශේෂ නිවේදනය,

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ආසන 105 ත් 107 ත් අතර සංඛ්‍යාවක් හිමි වනු ඇති බව අමාත්‍ය කරු ජයසූරිය මහතා පැවසීය.

ඊයේ පැවති මැතිවරණයේ නිල නොවන ප්‍රතිපල විමර්ශනය කිරීමේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ද සහිතව එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 106ක් ලැබීමට නියමිතය.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 94ක් හිමිවීමට ඉඩ තිබේ.

අගෝස්තු 17 වැනි දා ඡන්දය ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී මෛත්‍රීපාල ජනපති ඉදිරියේ නව අගමැති වශයෙන් දිවුරුම් දීමට නියමිතය.

මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කර එජාප නායක රනිල් වික්‍රමසිංහව පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වටා කැ‍රැකෙමින් සිටින කුමන්ත්‍රනකරුවන් කිහිප දෙනෙකු ගත් උත්සාහය පරාජයට පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද දායකයන් සමත් වී ඇත.මහ මැතිවරණයෙන් මේවන විට එජාපය වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ආණ්ඩුවක් ඵි‍ටුවීම සඳහා වැඩි සුදුසුකම් සපුරා තිබේ.

තමන් පරාජය භාරගන්න බව කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක මහින්ද රාජපක්ස ලෝකප්‍රකට AFP පුවත් සේවයට පවසා තිබේ. ඔවුන් සිය නිල Twitter ගිණුමෙන් මේ බව දන්වා තිබේ.

පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ සාමාජිකයෙකු ලෙස වැඩ කරන බව ද ඔහු පවසයි.

 

‘අගමැති වීමේ මගේ සිහිනය බොඳ වී ගියා. අපි පරාජය පිළිගන්නවා. අපි හොඳ සටහනක් දුන්නා.‘

 

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us