මෙවර විදේශ අමාත්‍ය තනතුර මංගල සමරවීර මහතාගෙන් ගැලවී යනු ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පැවැතියද අවසානයේදී එම තනතුර සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු උපදෙස් මත එම තනතුරට වඩා සුදුස්සා සමරවීර මහතා වූ බැවින් ඔහුවම ඒ සඳහා පත් කිරීම සිදුවිය.එමෙන්ම රාජ්‍යය වෙනුවෙන් වූ අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක්ම යෙදී තිබුණු බැවින් විදේශ අමාත්‍යධුරය වහා පි‍රැවීමට සිදුව තිබිණි.

පසුගිය රාජපක්ෂ පාලනය තුලදි එම පවුල්ලේ සාමාජිකයන් විසින් අයතා ලෙස උපයා ගත් බිලියන් ගනනින් වන මහා ධනස්කන්ධයෙන් අමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පිළිබඳව සාක්ෂි සහිත තොරතුරු හෙළිදව් වී පවතින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. (මේ මුදල රුපියල් කෝටි විසිදහසකට වැඩි මුදලකි.)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට සැකපිට අද දින අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංක යුධ හමුදාවේ ලුතිනන් කර්නල්වරු දෙදෙනකු , මාණ්ඩලික සැරයන්වරයකු හා කොප්‍රල්වරයකු අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකරිකයන් දෙදෙනකුව සිටි සිසිත ප්‍රියංකර හා ජනක බණ්ඩාර යන සිසුන් දෙදෙනගේ මරණය සම්බන්ධයෙ පවතින සැකය නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට එම ශිෂ්‍ය සංගමය කටයුතු යෝදා තිබේ.

අද දින සවස එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමටද එම සංගමය බලාපොරොත්තු වේ

මනාපවලින් පරාජය වුවද තමන් ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලි මේන්තුවට නම් කළේ එජනිස ලේකම්ව සිටි සුසිල් ප්‍රේමජයන්ත මහතා සමඟ අත්සන් කළ ගිවිසුමක්‌ අනුව බව එම්.එල්.ඒ.එම්. හිස්‌බුල්ලා මහතා ඊයේ (23 දා) ප්‍රකාශ කළේය.

ප්‍රධාන පක්‍ෂ දෙක එක්‌වී ජාතික ආණ්‌ඩුවක්‌ සෑදීම සඳහා අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කළ ද ඒ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ අවසන් එකඟතාවක්‌ නොමැති නිසා නව අමාත්‍ය මණ්‌ඩලය දිවුරුම් දීම තව දිනයකින් හෝ කල් යනු ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

හෙට දින දිවරුම් දීමට නියමිත නව කැබ්නට් මණ්ඩලයට ශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වා දෙනු ලබන ප්‍රධාන ඇමැති තනතුරු කිහිපයක්ම වන බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.

අද (23)සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලනීප මන්ත්‍රී කණ්ඩායම සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ජාතික ආණ්ඩුවට එක්වීමට අකමැති මන්ත්‍රීවරු සිටින්නේ නම් විපක්ෂයට ගොස් ස්වධීනව කටයුතු කිරීමේ අයිතිය තිබෙන බව දන්වා තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us