මුළු ලංකාවටම නොමිලයේ අන්තර්ජාල පහසුකම් ලබාදීමට පියවර ගන්නා බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රජයේ හමුදා විසින් ජීවග්‍රහයෙන් අල්ලාගත් බවත්, ඉන්පසුව මහින්ද රාජපක්ෂ මහතා‍ට බාරදී දැඩි ලෙස වධහිංසාවට ලක්කොට ඝාතනය කළ බවට තමන් විසින් මාධ්‍යයට ප්‍රකාශ කළ බවට පළවන වාර්තා අසත්‍ය බව විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

පහුගිය කාලවකවානුවේ ඔටුන්න හිමි කුමාරයා ලෙස කිරුළු පැළැඳි නාමල් රාජපක්ෂ කොළඹ වටේ ලැම්බෝගිනි වලින් රේස් පදිමින්, සජින් වාස්ලා සමඟ එක් වඩියක් රුපියල් 26,000ක වන බ්‍රැන්ඩි බොන අතරේදී මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ දරුවො රැකියා විරහිත භාවයෙන්, රැකියා අහිමිවීමෙන් පීඩා විඳි ආකාරය අනාවරණය වී තිබේ.

අකුරැස්‌සේ පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ජන රැලියේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දකුණු අතේ ඇඟිල්ක් මිරිකූ පුද්ගලයාගෙන් අකුරැස්‌ස පොලිසිය ප්‍රශ්න කිරීමට සූදානම් වේ. මේ වන විට මෙම පුද්ගලයාව හඳුනාගෙන ඇත.

එළැඹෙන මහ මැතිවරණයෙන් පසු පත් වන නව පාර්ලිමේන්තුවේ තීරණාත්මක භූමිකා දෙකක් විපක්ෂයේ දේශපාලන පක්ෂ වන ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් නිරූපණය කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හිටපු පාර්ලිමේනතු මන්ත්‍රි සජින් වාස්‌ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන රඳවා තැබීම නීති විරෝධි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ඔහු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නියම කිරීමෙන් තොරව ප්‍රතික්‍ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24 දා) තීරණය කළේය.

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ඔවුන්ගේ මුදල් ආපසු ගෙවීමට පසු ගිය රජයට කිසිදු වුවමනාවක්‌ නොතිබූ බවත් වර්තමාන රජයේ දින සියයේ වැඩසටහන යටතේ ඔවුන්ගේ තැන්පතු මුදලින් 41% ක්‌ ආපසු ගෙවීමට හැකි වූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ඔහු මේ බව පැවසුවේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ පළමු කාණ්‌ඩයට තැන්පත් මුදලින් කොටසක්‌ ගෙවීම සඳහා ඊයේ (24 ) බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයේදීය.

ඉදිරි මහමැතිවරණයේ ප්‍රතිඵලය ගැන රාජ්‍ය බුද්ධි සේවාවන් විසින් සිදුකළ සමීක්ෂණ ප්‍රතිපළ වාර්තාවක් මේවන විට ජනාධිපතිවරයා අතට පත් කර ඇත. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික් 22 න් දිස්ත්‍රික්ක 10 ක බලය එජාපය සතුවන අතර දිස්ත්‍රික්ක 9 ක බලය එජනිස සතුවේ. දෙමළ ජාතික සන්ධානය දිස්ත්‍රික 3 ක බලය තහවුරු කරගනු ඇති බවත් මෙම වාර්තාවේ දැක්වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us