ඇවන්ගාර්ඩ් සමාගමේ ව්‍යාපාර කටයුතු අත් හි‍ටුවූ බවට ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවේ පැවසූවද අප වෙත වාර්තාවන තොරතුරු අනුව රක්නා ලංකා සමාගම, ඇවන්ගාඩ් සමාගම සමඟ අතර පසුගිය ඔක්තොර්බර් 20 වන දින අලුත් ගිවිසුමක් අත්සන් කර තිබෙන බව වාර්තාවේ. මේවන විට කටයුතු සිදුවන්නේ ඒ අවබෝධය අනුව බවද වාර්තාවේ.

මේවන විට අසනීප තත්වයෙන් සිටින ශ්‍රීලංකා රමඤ්ඤ මහා නිකායේ අනුනායක  ගිරඹේ ආනන්ද හිමියන්ගේ අසලම සිට උපස්ථාන කිරීමේකටයුත්ත ජනාධිපතිවරයා විසින් තම බෑණනුවන් වන තිලිණ සුරන්ජිත් මහතාට පවරා තිබේ.

මතබේදයට තුඩු දුන්, අන්තරයක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වරයාව සිටි නිලංග සමරසිංහ මහතා ඉන් ඉවත්කර එම් එම් සිරිසේන හේරත් මහතා පත්කරන ලෙස යෝජනා කොට නිර්දේශ කර පත්වීම සකසා ඇත්තේ හිටපු නිතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින්ම බව හෙළිව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතාට අපහාසාත්මක වන ලෙස ලිපියක් පළ කළේ යයි 'ඉරුදින' පුවත්පතට එරෙහිව පැමිණිල්ලක්',  ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිළි කොමිසමට ලැබී තිබේ. 

 

ඇවන් ගාර්ඩ් සමාගම හා රක්නා ලංකා සමාගම අතර ඒකාබද්ද ව්‍යාපාරයක් ඇති කර සමුද්‍ර ආරක්ෂක ව්‍යාපාරයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යාම සඳහා අවස්ථාව ලබා දුන්නේ 2010 ජනාධිපතිවරණයේදී ඇවන් ගාර්ඩ් සමාගමේ සභාපති (විශ්‍රාමික) මේජර් නිශ්ශංක සේනාධිපති විසින් රුපියල් මිලියන 500ක ( කෝටි 50ක) ආධාරයක් ලබා දීම නිසා බව ( විශ්‍රාමික ) මේජර් නිශාන්ත රාජපක්ෂ මහතා පවසයි.

අති පූජ්‍ය මාදුළුවාවේ සොභිත හිමිපාණන්ගේ අභාවය ගැන සතු‍ටුවන 'රණ විරුවන්' පිරිසක් මේ මොහොතේ ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් අනුරාධපුර , 'රණ සේවා' පුර කඳවුරේ සතු‍ටු සාජ්ජයක් පවත්වමින් සිටින බව ලංකාඩේලි වෙත වාර්තාවේ.

අවිආයුධ ගණුදෙනුවේදී ක්‍රමවේද සහ නීතිමය කාරණා පිළිබඳව නාවික හමුදාපතිවරයාගේ කරුණු දැක්වීමෙන් පසුව ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා රක්නා ලංකා සමාගම අතර ගිවිසුම් සියල්ල අහෝසි කර මෙහෙයුම් සියල්ල නාවික හමුදාව යටතට පැවරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කළ බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

රාජ්‍යය හා පක්ෂය ගොඩ නැඟීමේ දර්ශනය මැයෙන් ශ්‍රී ලංකා පෙර‍ටුගාමී පක්ෂයේ නායක දිප්තිකුමාර ගුණරත්න මහතා දේශනයක් අද(11) සවස 3.30 ට කොළම මහජන පුස්තකාලීය ශ්‍රවණාගරයේදී පැවැත්වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us