මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් අතුරුකමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කර තිබේ.

දකුණු පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කළ තර්ජනාත්මක ප්‍රකාශයට අදාළව චෝදනා පත්‍රයක් ගොනු කරල ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කළේය.

පසුගියදා අකු‍රැසේදි වූ සිදු වීම අල්ලා විමල් වීරවංශත් මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකයත් උත්සහ ගනු ලැබුවේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂව ඝාතනය කිරීම සඳහා උත්සහයක නියැළුන බව කීමටය. ඊට, අලුත්ගමදි හමුවූ දුම් බෝම්බයත් මිරිහානේ සුදූ වෑන් එකත් අඩ තැබීය.

ජීවිතවල වටිනාකම් නොසලකා හැර ජාතිවාදය කරපින්නාගත් ඉතිහාසයක අඳුරු සෙවණැලි අපගේ දේශපාලන ඉතිහාසයේ අඩුවක් නැත.එකී ජාතික දේශපාලනයේ අමිහිරි අත්දැකීම් අතර කළු ජූලිය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි.මන්ද එහි ශේෂයන් අදටත් මෙකී දේශපාලන භූමිය තුළ උස්පහත් වෙමින් ඇති හෙයිනි.

සමාජය ඉදිරියට ගමන් කිරීමේදී දිනෙන් දින වෙනස්වන තත්වයන්ට සමගාමීව විවිධ වෙනස්කම් අවශ්‍යවේ. සමාජය වෙනසක්, නිදහසක් අයැද සිටින යුගයක මාධ්‍ය ක්ෂේත්‍රයටද ප්‍රගමනයක් අවශ්‍යවේ. නව මාධ්‍ය සංස්කෘතියක අවශ්‍යතාව උදෙසා මාධ්‍ය නිදහස සදහා වු ක්‍රියාකාරි කමිටුව විසින් ඊයේ(22) දින කොළඔ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදි මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි.

මීට දින දෙකකට ඉහත දී මිරිහාන ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් වෑන් රථය යුද්ධ හමුදාවට අයත් එකක් බවත් එහි සිටි සෙබළුන් අත තිබූ පිස්තෝලය මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා විසින් වසර 15ක් තිස්සේ භාවිතා කරන ඔහුට යුද හමුදාවෙන් ලබාදුන් පෞද්ගලික ගිනි අවිය බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

උදය ගම්මන්පිල ඊයේ, අගොස්තු 18 වෙනිදායින් පසුව මහින්ද රාජපක්ෂ සහ චෞර නඩය සමඟ පිහි‍ටුවන නව ආණ්ඩුවෙන් ලසන්ත වික්‍රමතුංග හා ප්‍රගීත් එක්නැලිගොඩ සිදුවීම් සම්බන්ධයෙන් කොමිසමක් පත් කොට නීතියේ සාධාරණත්වය ඉ‍ටු කරන බවට කළ කාලකණ්නි මජර ප්‍රකාශයට ප්‍රගීත් එක්නැලිගොඩ ගේ වැඩිමහල් පුත්‍රයා ඔහුගේ ෆේස් බුක් පි‍ටුවෙන්, උදය ගම්මන්පිලට කන පැලෙන උත්තරයක් ලබා දී තිබේ.

පසුගිය 20 වන දින කුරුණෑගල, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසේ පැවැති සාකච්ඡාවකදී, දිනපු ගමන් වෙබ් කාරයන්ව තුරන් කර දැමිය යුතු බව හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වූ කපිල හෙන්දවිතාරන විසින් පවසා ඇති බව අප වෙත වාර්තාවේ. මෙම සාකච්ඡාව සඳහා ගොඨාබය රාජපක්ෂ, චන්ද්‍රා වාකිෂ්ඨ, කීර්ති ගජනායක ඇතුළු පිරිසක්ද සහභාගි වී තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us