මහින්ද ගැහුවේ හොර ගිවිසුම් !

Published in පුවත්
Friday, 26 July 2019 17:48

මහින්ද රාජපක්ෂ අද දින පොදුජන එක්සත් පෙරමුණ සඳහා තවත් සුලු පක්ෂ 10 ක් සමඟ ගිවිසුම් වලට එළඹුණ බවට මාධ්‍ය සංදර්ශන පැවැත් වූවද ඒ කිසිවක් වලංගු ගිවිසුම් නොවන බවට තොරතුරු හෙළිවේ. මන්ද මහින්ද රාජපක්ෂ යනු පොදුජන පෙරමුණේ නිල තනතුරක් තබා සාමාජිකත්වයවත් නොදරන්නකු වන නිසාය. ඔහු තවමත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකි.

ශ්‍රීලනීප ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව කටයුතු කළත් ඔහු එම සාමාජිකත්වය අත් හැරියේ නැත. පසුගිය වසරේදී සිරිසේනගේ කුමන්ත්‍රණකාරී ආණ්ඩුවේ අගමැතිධුරයට පත් වුයේද ශ්‍රීලනිපයේ අගමැතිවරයා ලෙස මිස පොදු ජන පෙරමුණේ අගමැතිවරයා වශයෙන්ද නොවේ.

එසේම පොදු ජන පෙරමුනේ සාමාජිකත්වය ගැනීම වෙනුවෙන් උත්සවශ්‍රීයෙන් එම පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට එම කණ්ඩායම වරක් කටයුතු කළ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමිවීමේ අවදානම නිසා තමන් එසේ නොකළ බව ප්‍රසිද්ධියේ කියන්නටත් ශ්‍රීලනිප ලේකම්වරයා ලවා ඔවුන් තවමත් ශ්‍රීලනීප සාමාජිකයන් බවත් පාර්ලිමේන්තුවට දැන්වීමට ක්‍රියා කළේය.

මේ අනුව අද දින මහින්ද රාජපක්ෂ් සමඟ අත්සන් කළාය කියන ගිවිසුම් පොදු ජන පෙරමුණ පක්ෂය සමඟ සන්ධාගත වීමක් වන්නෙ නැත. මේවා හොර ගිවිසුම්ය.

අනෙක් කාරණ්ය නම් මෙම සුලු පක්ෂ සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම් වලට අත්සන් තැබීම ගැන එම සන්ධානය සමඟ ඒකාබද්ධව සිටින සෙසු පක්ෂවල විරෝධය එල්ල වී තිබු අතර එම පක්ෂ නායකයන් මේ උත්සවයද වර්ජනය කර තිබිණි. 'ද්විපර්ශ්වික' ගිවිසුම් වෙනුවට එම පක්ෂ සමඟ අත්සන් කළ පොදු ගිවිසුමට ඔවුන් ඇතුලත් විය යුතු බව ඔවුන්ගේ ඉල්ලීම විය. මේ අනුව අද දින සත්‍ය වශයෙන්ම මෙම සුළුපක්ෂ සමඟ ගිවිසුම් ගත වුවාද නැති නම් බොරු මාධ්‍ය සංදර්ශ්නයක් කළාද යන ගැටලුව මතුව තිබේ.

අනෙක් සුවිශේෂීම කරුණ මෙම අවස්ථාවට පොදු ජන පෙරමුණේ නිර්මාර්තෘ බැසිල් රාජපක්ෂ හෝ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හෝ සහභාගී නොවී සිටීමයි. ඹේ නිසා මෙම වැදගත් අවස්ථාවේ වැදගත්කම හේදී ගියේය. පොදු ජන පෙරමුණට අත්පත් කර ගත හැකිව තිබූ වාසිදායක ප්‍රදර්ශනාත්මක ප්‍රචාරක අවස්ථාව නැතිව ගියේය.

එමෙන්ම පොදුජන පෙරමුණේ ඇතැම් තොරතුරු මාර්ග පවසන්නේ අද මහින්ද රාජපක්ෂ සුලු පක්ෂ හා එළෙඹුණ ගිවිසුම් මහින්ද රාජපක්ෂ හා පෞද්ගලික ගිවිසුම් විය හැකි බවය. එහෙත් එම ගිවිසුම් වල අඩංගු දෑ මොනවාද යන්න ගැන රටවැසියා දැන ගත යුතු බවද එම පිරිස් පෙන්වා දෙයි.

පුදනකොටම කාපි යකා ! එක එක හැන්දෙන් බෙදන්න බෑ. පොහොට්‍ටුවේ පක්ෂ ගැ‍ටුම්

 

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us