බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ගෙන් වූ කසලවල සුලමුල සහ කුණු මාධ්‍ය වාර්තා

Published in පුවත්
Saturday, 27 July 2019 00:35

බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු රෝහල් අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 102ක් ලංකාවට රැගෙන ආවේ ධම්මික පෙරෙරාට අයත් හේලිස් සමාගම විසින් බවට වාර්තා පළ වී තිබෙනවා. එලෙස ගෙන ආ කසල තොගයක් දැනට හේලීස් සමාගමේ උප සමගාමක් වන Advantis නම් සමාගම් භූමිය තුළ ගොඩගසා ඇති ආකාරය දැක්වෙන ගුවන් ඡායාරූප ද මාධ්‍ය වෙතින් මුදා හැරුණා.

කෙසේ වෙතත මෙම කසල ලංකාවට ගෙන ඒමට හේතුව කුමක් ද? යන්න පිළිබඳව මාධ්‍ය වාර්තා කළ ආකරයට රටේ විශාල කැළඹීමක් සිදු වී තිබෙනවා. ඇත්තෙන්ම රටේ තිබෙන කසලවලට අමතරව තවත් කසල ගෙන්වන්නේ කුමක් අරඹයාද ? මධ්‍යාවල සඳහන් වූ ආකාරයට ඉදිරියේ දී රට කසලවලින් යට වීමට නියමිතය.

නමුත් මෙය කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා වූ කසල කළමණාකරණ ව්‍යාපෘතියකි. ලංකාවේ මෙම ක්‍රියාවලිය පිළිබඳ බොහෝ දෙනෙකුට අත් දැකීම් අඩු වුව ද ලෝකයේ මෙවැනි ව්‍යාපෘති මහා පරිමාණයෙන් සිදු වන අතර එයින් විශාල ආදායමක් උපයා ගනු ලබයි. යුරෝපයෙ ඇතැම් රටවල් විසින් බැහැර කරනු ලබන කැලිකසළ සිය රට වෙත ගෙන ගොස් බල ශක්තිය බවට පරිවර්තනය කරන අවස්ථා පවති. උදාහරණ ලෙස රෝමයේ නිවාසවලින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය ටොන් 70,000 ක් ඉවත් කිරීම සඳහා ඉතාලිය, EVN නමැති ඕස්ට්‍රියානු සමාගමට මුදල් ගෙවනු ලබයි.

ඒ අනුව ඇති කර ගත් ගිවිසුමකට අනුව මේ වසරේ ඇල්ප්ස් කඳු වැටිය ඔස්සේ උතුරු දිග ඉතාලිය හරහා දුම්රිය මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන අපද්‍රව්‍යවල අවසන් නැවතුම EVN ආයතනයට අයත් ඕස්ට්‍රියාවේ තාප කසළ බලාගාරයකි. සතියකට තුන් වරක්වත් දුම්රිය ඔස්සේ කසළ ප්‍රවාහනය කෙරෙන අතර එක් දුම්රියක් තුළ ආසන්න වශයෙන් අපද්‍රව්‍ය ටොන් 700 ක්වත් අඩංගු වේ. එලෙස ප්‍රවාහනය කෙරෙන කැලිකසළ පුළුස්සනු ලබන අතර එමගින් වාෂ්ප උත්පාදනය කරනු ලබයි. එම වාෂ්ප අසල්වැසි බලාගාර වෙත යවනු ලබන අතර ඒවා විදුලි බලය බවට පරිවර්තනය කෙරෙයි. ඉන් ඕස්ට්‍රියාවේ ලෝවර් පළාතේ නිවාස එක්ලක්ෂ හැත්තෑ දහසකට විදුලිය ලබා දෙයි.

ලංකාවේද බොහෝ දෙනාට ගැටළුවක් වූ මෙම කසල ආනයනයේ සුල මුල ද මෙයට සමානය. නමුත් ලංකාවේ මාධ්‍ය ආයතන හා මාධ්‍ය කරුවන්ගේ ගවේශනයෙන් තොර වූ මාධ්‍යකරණය නිසාවෙන් සාමාන්‍ය මහ ජනයා අතර මිත්‍යාව හා අසත්‍ය ඉතා සීග්‍රයෙන් වර්ධනය වීම කණගාටුවට කරුණකි.

විශේෂයෙන් වාණිජ අරමුණු අපේක්ෂාවෙන් අන්තර්ගතය, විශ්වාසනීයත්වය හෝ සමබරතාව නොසලකා පුවත් මැවීමේ තරඟයක සිටින මාධ්‍යකරුවන් සිදු කරනු ලබන ඇතැම් වාර්තාකරණයන් තුළින් රටට වන හානිය අතිමහත්ය. ඇතැම් විට විදෙස් ආයොජකයින් පවා මෙවැනි තත්ත්වයන් හමුවේ සිය ආයෝජනයන් සදහා මුදල් වෙන් කිරීම හෝ ව්‍යාපෘති සඳහා මැලිකමක් දැක්වීමට ද ඉඩකඩ පවතියි. මන්දයත් ලංකාවට අමතරව ආසියාවේ තවත් බොහෝ රටටවල් මෙවැනි ව්‍යාපෘති භාර ගැනීමට ඔනෑතරම් ඇත.

ලංකාවේ මාධය සදාචාරය තුළ සංවර්ධන පුවත් වාර්ථාකරණයේ අඩුපාඩු ඇත. නමුත් එසේ ගවේශනාත්මක වාර්ථාකරණයේ යෙදීමට නොහැකි නම් අසත්‍ය පුවත් මැවීමෙන් වැලකී සිටීමට මාධ්‍යකරුවන් වගබලා ගත යුතුය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us