ශක්තික තවදුරටත් රිමාන්ඩ්...නීතිපති නීතිය නවයි...අධිකරණය ඇඹරෙයි..

Published in පුවත්
Tuesday, 23 July 2019 12:57

බෞද්ධාගමට අපහාසයක් වන අන්දමේ කෙටිකතාවක් ලියා පළකලේයැයි කියමින් ලේඛක ශක්තික සත්කුමාරට එරෙහිව පොල්ගහවෙල පොලීසිය විසින් ගොණුකොට ඇති නඩුව අද දිනයේද පොල්ගහවෙල මහේස්ත්‍රාත් නෙළුම් ප්‍රියදර්ශනී මැතිනිය ඉදිරිපිට කැදවන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් පොල්ගහවෙල පොලිස් නිලධාරීන්ද, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ උපුල්සරා ජයසිංහ මහත්මිය සමග නීතිඥ සරත් දසනායක මහතාද, සැකකරු වෙනුවෙන් නීතිඥ සී.ඩබ්.ඩබ්. රත්නායක, නීතිඥ බුද්ධදේව ගුණරත්න යන මහත්වරුන් සමග නීතිඥ අථිල අතාවුද මහතාද පෙනී සිටින ලදී.

පැමිණිල්ල වෙනුවෙන් පොල්ගහවෙල පොලීසිය විසින් වැඩිදුර වාර්තාවක් ගොණුකරමින් මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා ඇතත් තවමත් අවශ්‍ය උපදෙස් ලැබී නැති බවත් වාර්තා කරන ලදී.

සැකකරු වෙනු⁣වෙන් කරුණු දැක්වූ නීතිඥ අථිල අතාවුද මහතා කරුණු දක්වමින් මෙම සිදුවීම නාටකීය අයුරින් මුලින් ආරම්භ වුවද එසේ ආරම්භයේ සිට මෙම අධිකරණය ඉදිරියේ පවා උද්⁣ඝෝෂණ මෙහෙයවමින් මෙය නාට්‍යානුසාරීව බරපතළ සිදුවීමක් බවට කෘතීමව හුවාදක්වන ලද කිසිවෙකු අද වනවිට නොමැති බවත් ඔවුන්ගේ පිපාසිත දඩයමේ ගොදුර බවට පත්වූ අහිංසක සාහිත්‍යකරුවෙකු පමණක් දින 120කට වැඩි කාලයක් තිස්සේ සිරගතව සිටින බවත් මෙම සිදුවීම ඉලිප්පීමේ ව්‍යාජය එයින්ම පෙනී යන බවත් අධිකරණයේ අවධානයට යොමුකරන ලදී.

තවද මීට පෙර සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ එස්.ටී. ජයනාග මහතා සහ නීතිඥ සංජය විල්සන් මහතා ඇතුලු පූර්ව නීතිඥවරුන් විසින් සැකකරු වෙනුවෙන් දක්වන ලද සියලුම කරුණු පුනරුච්චාරණය කරන බව සදහන් කළ නීතිඥ වරයා, ඒ අනුව එකිනෙකට විකල්ප චෝදනා දෙකක් සදහන් කර ඇති මේ නඩුවේ ICCPR පනතේ 3වන වගන්තිය යටතේ චෝදනාව ඉවත් කර, දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ නඩුව සළකා බලමින් සැකකරුට ඇප නියම කිරීමේ අධිකරණ බලය මේ මොහොතේද මෙම අධිකරණයට ඇති බව සැළකර සිටියේය.

තවදුරටත් කරුණු දැක්වූ නීතිඥ අථිල අතාවුද සදහන් කලේ ICCPR පනතට පදනම් වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුතිය පැණවීමේ අරමුණ වන්නේ පීඩිතයන් ආරක්ෂා කිරීම වුවද, අද පොලිස් දෙපාර්තමේන්තුව යම් පාර්ශවයකගේ වුවමනාවට එය පීඩක උපකරණයක් ලෙස අවභාවිත කරමින් සාහිත්‍යධරයන්ගේ තටු කපනු ලැබීම කණගාටුවට කරුණක් බව පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් කරුණු දක්වමින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුතිය සුදු කොඩියකට සමාන කළ නීතිඥවරයා, දැන් සිදුවී ඇත්තේ එම සාමයේ සංකේතයක් වන සුදු කොඩිය කැබලි වලට ඉරා එම කැබලි වලින් කඹයක් අඹරා එයින් සාහිත්‍යකරුවන් එල්ලා මැරීම වැනි ක්‍රියාවක් බවත්, එයින් ලෙරකී සුදු කොඩියේ මුඛ්‍ය අරමුණ විකෘති වන බවත්, අවභාවිත වන බවත් දූෂ්‍ය වන බවත් පෙන්වා දුන්නේය.

මීට පෙර දිනයේ නීතිඥ සංජය විල්සන් සදහන් කළ බෞද්ධාගමික සූත්‍ර දේශනාවක් පිළිබදව නැවතත් ගරු අධිකරණයේ අවධානයට යොමු කළ නීතිඥ අථිල අතාවුද, එකී සූත්‍රය දේශනාවේදීද අප අසා ඇති බුද්ධ චරිතයට වෙනස් වූ බුද්ධ චරිතයක් ගැන කියවෙන බවත්, එපමණක් නොව මහායාන බුදු දහම ඇතුලු බුදු දහමේ උප කොටස් ගණනාවක් තුල බුද්ධ චරිතය ලෙස හදුනාගන්නා චරිතය එකිනෙකින් සැළකිය යුතු ⁣ලෙස වෙනස් වන බවත්, මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් රචිත "බුද්ධ චරිතය" කෘතියේද බුද්ධ චරිතය පිළිබදව වෙනස් කියවීම් ගණනාවක් ඇතුලත් වන බවත් සදහන් කරමින්, එය බෞද්ධ සාහිත්‍යය මිස බෞද්ධාගම ලෙස සැළකෙන දේශිත ධර්මයෙන් පරිබාහිරවූ මුඛ පරම්පරාගත කරුණු සමුදායක් බවත්, ඒවා එකිනෙකින් වෙනස් වූ පමණින් බෞද්ධාගමට අපහාසයක් වීය යන පදනම මත ඒ එක් එක් කණ්ඩායම් ICCPR පනත යටතේ අධිකරණයට කැදවීමේ හැකියාවක් ඇත්තේද යන ප්‍රශ්නය මෙහිදී පැන නගින බවත් සදහන් කර සිටියේය.

තවද මිනීමැරුමක්, සොරකමක්, ස්ත්‍රී දූෂණයක් වැනි ක්‍රියාවකට සාපේක්ෂව සාහිත්‍ය නිර්මාණයකින් සමාජයට සිදුවන්නේයැයි සිතිය හැකි හානිය කුමක්දැයි පැහැදිලි නැති බවත්, ඒ අයුරින් සාහිත්‍යකරුවන්ගේ තටු කැපීම වර්තමාන ලෝකයේ සිදුවන්නේ රටවල් ඉතාම අතලොස්සකගේ බවත්, ඒවා අන්තවාදී රටවල් වන බවත් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් මුළු ලෝකයම බලා සිටියදී සාහිත්‍ය නිර්මාණයක් කළ පමණින් සාහිත්‍යකරුවෙකු සිරගත කිරීම රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට දැඩි ලෙස හානිදායක බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ගෝලීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ උදාහරණයක් වශයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බ්‍රහ්මචාරී පුද්ගලයෙක්ය යනුවෙන් පවත්නා විශ්වාසයට විකල්පව උන් වහන්සේ මේරි මැග්ඩලේන් නම් කාන්තාවක සමග විවාහ වී දරුවකුද ලබා එම දරුවාගෙන් පැවතෙන පරපුර අද දක්වාම ජීවත් වන බවට දක්වමින් Dan Brown නම් ලේඛකයා විසින් රචනා කළ Da Vinci Code නම් කෘතිය දැක්විය හැකි බව පෙන්වාදුන් නීතිඥ අථිල අතාවුද, එයට එරෙහිව ආගමික අපහාසය යටතේ නඩු පවරනු වෙනුවට උසස් සාහිත්‍ය කෘතියක් වශයෙන් ලෝක සම්භාවනාවට පාත්‍ර වී ඇති බව පෙන්වා දුන්නේය.

තවද ICCPR පනත වැනි නීතියක් අවශ්‍ය වන්නේ කුමක් නිසාද යන්න පසුගිය මාස 3ක කාලසීමාවක් තුල ශ්‍රී ලංකාවේ සිදුවූ සිද්ධීන්ගෙන් මනාව පෙනී යන බවත්, මෙවන් ක්ෂුද්‍ර කරුණක් මුල්කොටගෙන අහිංසක සාහිත්‍යකරුවෙකු සිරගත කිරීම පනතේ අරමුණින් බැහැරව එය අවභාවිත කිරීමක් බව නැවතත් අවධානයට යොමුකළ නීතිඥවරයා පෙර සදහන් කළ නීතිමය කරුණු අනුව විකල්ප චෝදනාව ඉවත් කර ඇප ලබාදීමේ අධිකරණ බලය මෙම අධිකරණයට ඇති බව නැවතත් සදහන් කරමින් කරුණු දැක්වීම අවසන් කරන ලදී.

ඉන්පසු අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ නීතිඥ සරත් දසනායක මහතා, විත්තිය විසින් දිගින් දිගටම මෙම කරුණුම දක්වමින් ඇප ඉල්ලා සිටියද, ICCPR පනත යටතේ චෝදනා ඇති නඩුවකට ඇප දීමේ බලය මෙම අධිකරණයට නොමැති බව සදහන් කලේය.

පැමිණිලි පක්ෂය වෙනුවෙන් නැවතත් අධිකරණය ඇමතූ පොලිස් නිලධාරීවරයා ප්‍රකාශනයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇත්තේ සීමාවන්ට යටත්ව බව සදහන් කලේය.

එයට පිළිතුරු දුන් නීතිඥ අථිල අතාවුද මහතා සදහන් කළේ සාහිත්‍යකරුවකුට පවත්නා සීමාවන් පිළිබදව සාහිත්‍ය ක්ෂේත්‍රයේ වර්තමාන ප්‍රායෝගික නිම්වළළු සළකා බලා තීරණය කළ යුතු බවයි.

කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත් තුමිය මෙම නඩුව 2019 අගෝස්තු 06 වැනිදා නීතිපති උපදෙස් සදහා කැදවීමටත්, ඒ දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටත් නියෝග කළාය.

 (උපුටාගැනීමකි)

ලොක්කට කියල හරි මූට අච්චු කරනවා - ශක්තිකව හිරකරන නීතිපතියේ කුණු ගංගාව

Last modified on Tuesday, 23 July 2019 12:58

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us