එහිදී අදහස් දැක්වූ මහනගර ඇමති චම්පික රණවක,
' අද අතිශය වැදගත් ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා. ඒ තමයි වරාය නගරය කොළඹ දිස්ත‍්‍රික්කයේ කොටසක් හැටියට ඉදිරි කාලයේදී නීත්‍යානුකූලව පවත්වාගෙන යන්න ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කර තිබෙන මෙම පණත. මෙහි ඉතිහාසය ගැන කෙටියෙන් කිවහොත්, මේ වරායේ නගරයක් අවශ්‍යයි. වරාය නාගරික සැලැස්මකට යටත් කරලා, වරාය වැඩිදියුණු කරලා වරාය මගින් ආදායම් උත්පාදනය කිරීම සඳහා වූ ඒ නාගරික සැලසුම 1998 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලයේ කලම්බු මෙට්‍රෝ පොලිටන් ප්ලෑන් නමින් ඒ අවස්ථාවේ දී ඉන්දික ගුණවර්ධන මැතිතුමා ඉදිරිපත් කළා. ඒ මුල් අවස්ථාවේදී අදහස තිබුණේ පැරණි වරාය තිබූ තැනින් දකුණු වරාය නමින් වරායකට ගෙනිහිල්ලා ජැටි 3 ක් සමග ඒ ස්ථානයේ නව නගරයක් ඉදි කරන්න. ඉන් පසු ඒ සැලසුම වෙනස් කළා ඇති වූ තත්වයන් සමග 2004 දී. ඒ අවස්ථාවේදී අග‍්‍රාමාත්‍යධූරය හෙබවූයේ රනිල් වික‍්‍රමසිංහ මහත්මයා. සෙස්මා සැලසුම නමින් ඉදිරිපත් කළා දකුණු වරායට පහළින් වරාය නගරයක් ඉදි කරන්න. එම සැලසුම තමයි 2014 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සමයේ ක්‍රියාත්මක කළේ.
ඒ වරාය නගරය ඉදිකිරීමේ කටයුතු කාලයක් කෙරීගෙන ගියා. ඉන්පසු එය නතර කරනු ලැබුවා. ඇයි එය නතර කළේ. එය නතර කළේ පැහැදිලි කරුණු ගණනාවක් නිසයි. ඉන් පළමුවැන්න නිශ්චිත පරිසර අධ්‍යනයක් සිදු නොකර සිදු කිරීම නිසයි. මොකද මෙවැනි නගරයක් ඉදිකිරීමේදී එම ජල තීරයට පස් ගෙනත් දැමීම නිසා විශාල වශයෙන් කොළඹ නගරයේ ජල තලය ඉහළ යාමෙන් කොළඹ නගරයේ ගොඩනැගිලිවලට අනතුරු වෙන්න තිබුණා. ඒ වගේම නිශ්චිත සමාජ අධ්‍යනයක් සිදු නොකර තිබුණු නිසයි. ධිවර ජනතාවට. ඒ වගේම ඒ අවට ජීවත්වන ජනතාවට මොන විදිහේ බලපෑමක් ඇතිවෙනවාද? සාගර රළ කොයි ආකාරයට වෙනස්වනවාද කියන එක ගැන නිශ්චිත අධ්‍යානයක් සිදු නොකර තිබීම නිසයි. ඒ වගේම මෙහි හෙක්ටයාර 20 කට ආසන්න ප‍්‍රමාණයක් ස්වාධින, ඒ කියන්නේ නිදහස් ප‍්‍රදේශයක් හැටියට, සින්නක්කර ප‍්‍රදේශයක් හැටියට එම චීන සමාගමට පැවරීමට ගිය තත්වයත් සමග ලංකාව තුළ වෙනම ස්වෛරී රාජ්‍යයක් මෙතන ඇතිවෙයි ද කියලා තිබිච්ච ගැටළුව. ඒ ගැටළුව මත ජාත්‍යන්තර වශයෙන් විශාල ගැටළු ගණනාවක් කලාපීය වශයෙන් අපට පැමිණි බවත් ප‍්‍රකාශ කළ යුතුයි.
ඒ වගේම මෙතරම් වියදම් කර කරන මෙහි අරමුණ කුමක්ද? මෙයින් ධනය උත්පාදය කරන්නේ කෙසේද? රැකියා උත්පාදනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තිබිච්ච ගැටළුව. මොකද මුල් අවස්ථාවේ අදහසක් තිබුණේ ෆොමියුලා වන් රේස් පදින්න පිටියකුත්, ඒ වගේම හෝටල් සහ සාමාන්‍ය නේවාසික තත්වයන් යටතේ තිබෙන සාමාන්‍ය නගරයක් හැටියටයි මෙය යෝජනා වෙලා තිබුණේ. අපි වෙනස්කම් ගණනාවක් සිදු කළා. මේ රජය පැමිණියාට පසුව අගමැතිතුමාගේ මූලිකත්වයෙන් මේ පිළිබඳව කොමිටියක් පත් කළා අජිත් ද කොස්තා මහතාගේ නායකත්වයෙන් ඒ කොමිටිය විසින් මේ පිළිබඳ සම්පූර්ණ නිරීක්ෂණයක් කරලා යම් යම් නිගමනවලියක් රජයට ලබාදුන්නා. මේ අවස්ථාවේදී හැන්සාඞ් ගත කිරීම සඳහා අජිත් ද කොස්තා මහතා විසින් ලබාදුන් වාර්තාව ලබාදෙනවා. මෙය කියවා බලන ලෙස මේ වරාය නගරයේ අතීතය, අනාගතය ගැන පාරම්බාන සියළු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටිනවා. ඊ ළඟට මේ රජය විසින් අපි වෙනස්කම් ගණනාවක් කළා. පළවෙනි එක තමයි ස්වාධින රාජ්‍යයක්, විදේශ රටකට අයත් වෙනම රාජ්‍යයක් ශ‍්‍රී ලංකාවේ මුහුදු තීරයේ ඉදිකිරීමට දීලා තිබූ වරම අහෝසි කළා අපි. ඒ වෙනුවට 99 අවුරුදු බදු ක‍්‍රමය පොදුවේ අනුගමනය කරන බදු ක‍්‍රමය ඇති කළා. ඒ වගේම මේ ගිවිසුම අත්සන් කරලා තිබුණේ කලින් වරාය අධිකාරියත් සමග වරාය අධිකාරියට නීත්‍යානුකූල අයිතියක් තිබෙනවාද කියා ඇති වූ ගැටළුව නිසා තමයි මෙය නාගරික සංවර්ධන අධිකාරියට අපි නිල වශයෙන් ලබාදුන්නේ. අද මේ ක්‍රියාවලියෙන් පසුව ජනාධිපතිතුමා විසින් මේ ප‍්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට ලබාදෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය මේ ප‍්‍රදේශය සුවිශේෂී නාගරික කලාපයක් ලෙස ගැසට් කරනවා. ඊට පස්සේ මෙය සංවර්ධනය කරන්න පුළුවන්. කලින් තිබුණු විදිහට වරාය අධිකාරිය යටතේ තිබුණා නම් එවැනි කිසිම නීතිමය ප‍්‍රතිපාදනයකින් මේ ප‍්‍රදේශය නීත්‍යානුකූලව සංවර්ධනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
ඒ වගේම මේ ක්‍රියාවලිය කරගෙන යනකොට ආව එක ගැටළුවක් තමයි කවුද මේ නගරයට ජලය, විදුලිය සපයන්නේ, කසළ අදින්නේ, ප‍්‍රවාහනය සපන්නේ කියන ගැටළු මතු උනා. ඒක සම්පූර්ණයෙන්ම ශ‍්‍රී ලංකා රජයේ වගකීමක් හැටියට තිබුණේ. අපි ඒක වෙනස් කරලා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයක් බවට පත් කරලා ශ‍්‍රී ලංකා රජයට එන්න තිබූ ඒ බර ඉවත් කරලා ජල සැපයුම, විදුලි සැපයුම, කසළ ඉවත් කිරීම සහ අනෙකුත් කාරණා පිළිබඳ වගකීම රජයත් ඒ වගේම ඒ අදාල ආයෝජන සමාගමත් එක්ක අද බෙදාහැරගෙන තිබෙනවා.
ඒ වගේම ප‍්‍රශ්නයක් තිබුණා මේ වරාය නගරය ඉදිකරලා අවුරුදු 40 ක් යනකං සම්පූර්ණ නඩත්තු කටයුතු ශ‍්‍රී ලංකා රජය සිදු කළ යුතුයි කියලා. අපි එයත් වෙනස් කරලා ශ‍්‍රී ලංකා රජයත්, ආයෝජන සමාගමත් අතර හවුල්කාරීත්වයක් මගින් එය කරන්න පිළියම් යෙදුවා. ඒ මගින් ශ‍්‍රී ලංකා රජයට එන්න තිබූ සුවිශාල වැය බරක් අපි වෙනස් කර තිබෙනවා. ඒ වගේම අපට කියා තිබුණා මෙය පිරෙව්වට පස්සේ ශ‍්‍රී ලංකා රජයට වසර 3 ක් යනකන් කිසිම සංවර්ධනයක් කරන්න. අද අපි ඒවගන්තියත් වෙනස් කරලා ශ‍්‍රී ලංකා රජයට පුරවපු දවසේ ඉඳන් ඒ සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර තිබෙනවා. ඒ අනුව අපි පළමුවෙන්ම බලාපොරොත්තු වෙනවා ශ‍්‍රී ලංකා රජයට අයිති බිම් කොටස්වල ප‍්‍රධාන මට්ටමේ අන්තර්ජාතික පාසලක්, ප‍්‍රධාන මට්ටමේ සම්මන්ත‍්‍රණ ශාලාවක් සහ රෝහලක් ඉදිකිරීම සඳහා අපි වහාම මේ වසරේදීම නීත්‍යානුකූලව නාගරික සංවර්ධන අධිකාරියට ලැබුණට පසුව කි‍්‍රයාකරන්න අපි යනවා. ඒ වගේම මේක නතර කළා කියලා අපට දඩ මුදලක් ගැහුවා ඩොලර් මිලියන 190 ක්. අපි ඒකත් සාකච්ඡා කරලා අර ෆෝමියුලාවන් කාර් පදින්න තිබූ උමතු මාර්ගය අයින් කර උද්‍යානයක් බවට එක පැත්තකින් පරිවර්තනය කරන ගමන් ඉඩම් හුවමාරුවක් කරලා ඒ අදාල ආයෝජන සමාගම සමග අපි එය වෙනස් කර ගන්න උත්සාහ කලා. ඒ මගින් අපට පුළුවන් උනා ඒ කලාපයේ තිබූ උද්‍යානය හෙක්ටයාර් 91 ක් දක්වා පොදු පහසුකම් සහිත උද්‍යානයක් බවට පත් කරන්න. මෙය විහාරමහා දේවී උද්‍යානය වගේ කිහිප ගුණයක් විශාලයි. එතන ඊ ළ`ග අවුරුදු දෙකේදී ඉදිවන බව ප‍්‍රකාශ කළ යුතුයි.
ඒ වගේම අපි මේකට අනුගමනය කළ ක‍්‍රියාදාමය නිසා විවිධ ආකාරයෙන් ආපු පරිසර නිගමනයන් හැත්තෑ ගණනකට වැඩි ප‍්‍රමාණයක මාර්ගෝපදේශයන් ලැබුණා. ඒ හැම එකක්ම ලබාගෙන තමයි මේක කළේ. ඒ වගේම මේකට ලබාදී තිබුණේ නැහැ ප‍්‍රවාහන පද්ධතිය නිසි අයුරින් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. අද මේ වරාය නගරය අපි එක පැත්තකින් වරාය හරහා කණු මත දිවයන මාර්ගයක් හරහා නව කැළණි පාලම හරහා අධිවේගී මාර්ග පද්ධතියට එකතු කරනවා. අනෙක් පැත්තෙන් ඉදිරියේදී ඉදිවන ඒ සැහැල්ලූ දුම්රිය සේවාව අපි බලාපොරොත්තු වනවා වරාය නගරය හරහාත් ගෙන යන්න. අනෙක් පැත්තෙන් කොටුව චෛත්‍යය ගාව සිට කොල්ලූපිටිය මංසන්දිය දක්වා මුහුදු තීරය යටතේ අර්ධ උමං මාර්ගයක් හැටියට මාර්ග 4 ක මාර්ගයක් අපි මාර්ග සංවර්ධන අධිකාරියෙත් උදව් ඇතිව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේක කරගෙන යනවිට විරෝධතා ඇතිවුණා. මේ අවස්ථාවේදී මම සභාගත කරනවා හැන්සාඞ් ගත කිරීම සඳහා අප මොනවද කල වෙනස්කම් 2014 ගිවිසුමට. වෙනස් කර 2016 දී කොහොමද මේක කළේ කියන එක පිළිබඳව තිබෙන ඒ වෙනස්කම් තිබෙන ලේඛනයත් මම ඉදිරිපත් කරනවා.
ඒ වගේම මූලසනාරූඪ මන්ත‍්‍රීතුමනි, මේකට අපි බලගතු අරමුණක් දුන්නා. ඒ අරමුණ තමයි මූල්‍ය නගරයක් බවට මේ නගරය ගොඩනැගීම. අපි දන්නවා ලන්ඩන් නගරය යුද්ධයෙන් පසුව මුල්‍ය නගරයක් හැටියට ලෝකයේම ධනවතුන්ගේ ධනය තැන්පත් කරන මධ්‍යස්ථානයක් හැටියට ගොඩනැගුණා. පළවෙනි ලෝක මහා සංග‍්‍රාමයෙන් පසුව ස්විස්ටර්ලන්තය එවැනි මූල්‍ය සම්පත් තැන්පත් කරන නගරයක් හැටියට දියුනු උනා. අපි බැලූවා ලෝකයේ පුරාම තිබෙන ඩුබායි, හොංකොං, සිංගප්පූරු මේ හැම නගරයක්ම අපි අරගෙන බැලූවා අයර්ලන්තය ඇතුළු රටවල්වල කොහොමද මේ කි‍්‍රයාවලිය කර තිබෙන්නේ, කොහොමද මේ ධනය තැන්පත්වීම වෙන්නේ, ඒ මගින් කොහොමද රටක් ධනය උත්පාදනය කරන්නේ කියන එක අපි හැදෑරුවා. ඒ අනුව නව නීතිපද්ධිතියක් අනාගතයේ එනවා ඒ නව නීති පද්ධතියත් එක්ක අලූත් ආකාරයට මේ වරාය නගරය තුළ අවට කලාපයෙත් තිබෙන ධනවතුන්ගේ ධනය අන්තර් ජාතික මූල්‍ය ආයතනවල තැන්පත් කිරීමත් ඒවා ආයෝජනය කිරීමටත් කටයුතු යෙදෙනවා.
ඒ වගේම ඒ සඳහා වූ මූල්‍ය ගොඩනැගිල්ල, ඒකට අපි කියන්නේ වර්ල්ඩ් ෆයිනැන්ෂල් සෙන්ටර් කියලා. එම ගොඩනැගිල්ල රුපියල් බිලියන 65 ක වියදමින් දැවැන්ත ආයෝජනයක් හැටියට මේ වසරේම අපි ලබාදෙනවා එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ පහසුකමත්. අපි බලාපොරොත්තු වෙනවා මේ අවට කලාපයේ නගරවල දැනට මූලස්ථාන පවත්වාගෙන යන මූල්‍ය ආයතන පමණක් නෙමෙයි අනෙකුත් ආයතන ගණනාවකුත් මෙතනට ගෙනල්ලා මේ ස්ථානය ඉන්දියානු සාගරයේ ප‍්‍රධාන මර්මස්ථානයක් කරන්න. අපේ බලාපොරොත්තුව ඩොලර් බිලියන 15 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් ගෙන එන්න මේකට ඉදිරි පහලව විස්ස කාලය ඇතුළත. අද ලංකාවේ ජනගහණය මිලියන 20යි. මේ ව්‍යාපෘතිය අපි සාර්ථකව ඉදිරිය ගෙන ගියොත් දේශපාලන කාරණා නොමැතිව. ලංකාවේ සෑම පුරවැසියෙකුගේම ඒක පුද්ගල ආදායම ඩොලර් දහසකින් ඉහළ නංවන්න මේ ව්‍යාපෘතිය සමත් වෙනවා. ඒ අලූත් අරමුණත් එක්කයි අපි ගමන් කරමින් සිටින්නේ. අවසාන වශයෙන් සඳහන් කරන්නේ මේකෙන් ශ‍්‍රී ලංකාවේ ඉංජිනේරුවන් ලබාගත් දැනුමෙන් අපි නව මුහුදු නගරයක් ඉදිකිරීමට කටයුතු කරනවා කොල්ලූපිටියේ සිට දෙහිවලට. එහි ශක්‍යතා අධ්‍යනය අපි කරගෙන යනවා. ඉදිරිකාලයේදී එම කටයුත්තත් ශ‍්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සහයෝගයෙන් දියත් කරන්න අපේ අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බවත්, මේ වගේ දැවැන්ත ව්‍යාපෘතියක් නිර්මාණය කරන්නට තිබිච්ච පරිසර, සමාජ ප‍්‍රශ්න, ගැටළු විසඳාගෙන මෙය නිමාකිරීමට කටයුතු කළ අපේ ව්‍යාපෘති කණ්ඩායමටත්, අමාත්‍යාංශයේ නිලධාරී මණ්ඩලයටත් මාගේ ස්තූතිය පිරිණමනවා යැයි පැවසීය.