“මා දන්නා තරමින් දෙමළ ජාතික සන්ධානයේ සිටින පුද්ගලයින් අතරින් ආර්.සම්බන්ධන් අවංක දේශපාලඥයෙකි. ඔහු යථාර්තවාදීව කටයුතු කරන පුද්ගලයෙකි. සුමන්දිරන් මන්ත්‍රීවරයා, දෙමළ ජනතාවට කුමක් හෝ යහපතක් සිදුකල යුතුය යන අරමුණින් කටයුතු කරමින් සිටියි. නමුත්, විමුක්ති කොටි සංවිධානය විසින් දේශපාලනයට යොමුකල ඇතැම් පුද්ගලයින් ඒ සියල්ල විනාශ කර දැමීමේ අරමුණින් කටයුතු කරමින් සිටියි. ඔවුන් කව්රුන්ද? යන්න ඔබ සියළුදෙනා දන්නා කරුණකි.

මහින්ද රාජපක්ෂගේ පාලන සමය තුළ මෙරට දුප්පතුන් තවත් දුප්පතුන් බවට පත්වූ බවත් ධනවතුන් සුපිරි ධනවතුන් වූ බවත් මහින්ද රාජපක්ෂ ජනතාව වෙනුවෙන් කියා ඉදිරිපත් කල මහින්ද චින්තනය මගින් සිදු කරනු ලැබුවේ ඔවුන්ගේ ගජමිතුරු ධනවාදය පෝෂණය කිරීම බව හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පෙරමුණු මධ්‍යස්ථානයේ අද(22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මහින්ද රාජපක්ෂ සමයේදි සිදු කෙරුණු සංවර්ධන ව්‍යාපෘති හරහා වූ දැවැන්ත මුල්‍ය අක්‍රමිකතා ‍රැසක් පිළිබඳව පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා ප්‍රකාශකයක් නිකුත් කරමින් පවසයි.

මාධ්‍යවේදීන්, මුලු රටේම ජනතාව , වෘත්තීය සමිති අාදී සියල්ල මර්දනය කරීමට ෙයාදා ගත් සුදු වෑන් සංස්කෘතිය පිළිබද පළමු වතාවට මිරිහාන පොළීසිය සොයා ගැනීමක් කර අැති බවත් මේ ඔස්සේ සුදු වෑන් සංස්කෘතියේ සුළ මුළ අනාවරණය කර ගත හැකි බව ජෝසෆ් මයිකල් පෙරේරා මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පෙරමුණු මධ්‍යස්ථානයේ අද(22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, හිටපු ඇමතිනී සුමේධා ජී. ජයසේන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ යන තිදෙනාට අද (22) මධ්‍යම රාති‍්‍රය වන විට තමන්ට අයත් පක්ෂ කාර්යාල පොලීසියේ ලියාපදිංචි කරගන්නා ලෙස දැනුම් දී අැත.

අයි.එස්.අයි.එස්. සංවිධානයෙන් සම්පූර්ණයෙන්ම අෑත්ව සිටින්නැයි සමස්ත ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජම්ඉයිතුල් උලමා සංවිධානය පවසයි.

උතුරු මානුෂීය මෙහෙයුම අවසානයෙන් පසු තැන තැන තිබී සොයාගෙන මුලතිව් ප්‍රදේශයේ ගොඩගසා තිබූ වාහන දස දහසක් මීට වසර දෙකකට පමණ පෙර එක්තරා කණ්ඩායමක් විසින් යකඩවලට විකුණා දමා ඇතැයි හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

දක්ෂ නිවේදකයෙක් සහ ගීත රචකෙයක් වන කැලුම් ශ්‍රී මාල්ගේ මව අභාවප්‍රාප්ත වී අැත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us