මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන දේශපාලකයන්ගේ ලැයිස්තුවක් අවශ්‍ය නම් නාමයෝජනා කැඳවන්නට පෙර ලබාදෙන බවට ප‍්‍රසිද්ධ කළ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වන බව වාර්තාවේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර රෝහලෙන් ඉවත් කොට සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවකට මාරුකර යවා තිබේ.

බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිද ප‍්‍රකාශයක් ලබාදීම සදහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ අද (20) පෙනී සිටියේය.

අපරාධ සහ වෙනත් දූෂණ චෝදනා ලැබූවන් රැසක් මේ වන විට මහින්ද රාජපක්ෂ වටා එක් වී ඇතැයි අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි. මහින්ද රාජපක්ෂ වටා එක්වී සිටින පිරිස ගැන අමාත්‍යවරයා මෙසේ පැවසුවේය.

අනුරාධපුරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලිය සඳහා පිට පළාත්වලින් සෙනඟ ඇදීමට ලංකා පෞද්ගලික බස්රථ 250කට අධික සංඛ්‍යාවක් යොදා ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. හෝමාගම, කොට්ටාව ප්‍රදේශවලින් බස් රථ 30කින් සෙනඟ ඇදීමට කටයුතු කළ බවත් සන්ධානයේ ජයග්‍රහණය උදෙසා සෙනඟ පෙන්වීමට පිට පළාත්වලින් සෙනඟ ගෙනා වීඩි‍යෝ පට තමා සතු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

සහල්වල මිල ගණන් පහත දැමුවේ පිරී පවතින සහල් ගබඩා නිදහස් කිරීමේ අරමුණෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ මැදවච්චිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමින්ය.

සබරගමුව මහ ඇමැතිවරයාගේ ආරක්ෂාව සඳහා යොදාගත් පළාත් සභාවට අයත් ජීප් රථයක ගංජා තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් එහි රියාදුරා ලබන 22 දක්වා රිමාන් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් මයිකල් මැචාඩෝ මහතා නියෝග කළේය.

ගන්ජා කීලෝ 3ක් සමග සබරගමුව පළාත් සභා මහ ඇමති මහීපාල හේරත්ගේ ආරක්ෂක රථය මීට ස්වල්ප මොහොතකට පෙර පොල්ගහවෙල සුරාබදු නිලධාරීන් විසින් පොල්ගහවෙල නගරයේදී අත්අඩංගුට ගෙන තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us