වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න, එරික් ප්‍රසන්න වීරවර්ධන යන අය සිය නියෝජ්‍ය අමාත්‍ය පදවි වලින් ඉල්ලා අස්වී තිබේ.

දිපන් මට ඡන්දෙ කියා මහින්ද යළි මහ මැතිවරණයට පැමිණ අැති බවත් පසුගියදා සුසිල්ට මූණ හරහා ගැසූ මහින්දට කියන්නට අැත්තේ දැන් ඔහුගේ ගැහිලි හමාර බවයි යනුවෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා පැවසීය‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍. ඔහු මේ බව කීවේ පුරවැසි බලය සංවිධානය නුගේගොඩ සංවිධානය කර තිබූ රැස්වීමකට ඊයේ(15) සහභාගී වෙමිනි.

දෙමල ජාතික සන්ධායේ උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි සසිදරන් මහත්මිය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධින කණ්ඩායමකින් ඉදිරිපත් වූ නමුදු එම මැතිවරණ ව්‍යාපාරවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. දෙමළ ජාතික සන්ධානයෙන් ඇයට නාම යෝජනා නොලැබීම නිසා ඇය මෙලෙස ස්වාධීන කණ්ඩායමකින් නාම යෝජනා ඉදිරිපත් කළාය.

මහින්ද රාජපක්ෂ බලයේ සිටියදී එජාපය හා ජවිපෙ වැනි පක්ෂ කඩන්නට උත්සාහ කළ බවත් අද එය පරාවලල්ලක්ව ඔහු කරා ගමන් කර අැති බව ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් අතුරුකමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අද වන විට යළිත් අප පටන් ගත් තැනටම පැමිණ අැති බවත් ජනවාරි 08 වනදා පරාජය කළ මහින්දව නැවත වරක් පරාජය කරන්නට සිදුවී අැත්තේ පවතින කාළකණ්නි දේශපාලනය ක‍්‍රමය නිසා බව ගාමිණී වියන්ගොඩ මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ(15) පුරවැසි බලය සංවිධානය විසින් සංවිධානය කළ ජනවාරි 08 ජනවරම පාවාදීමට දූෂණයට මර්දනයට පවුල්වාදයට එරෙහි රැස්වීමට එක්වෙමිනි එක්වෙමිනි.

වෙනම තරග කරමුයි කියා තමන් ඇතුළු පිරිස දැඩිව කිව් නමුත් මහින්ද රාජපක්ෂ සන්ධානයෙන්ම තරග කළ යුතු යැයි කියා මෛත්‍රීපාලගේ කොන්දේසිවලටත් යටත් වී නාම යෝජනා අරගෙන ඔය දැන් කෙළවා ගත්තේ යැයි, පෙරේදා දිනයේ පටන් ඊයේ රාත්‍රිය දක්වා කාලය තුල විටින් විට පැවැති සාකච්ඡා අතරේදී සන්ධානයෙ නායකයන් අතර කසුකුසුවක් ගොස් තිබේ. විමල් වීරවංශ, ඩලස් අලහපෙරුම ආදී පිරිසක් අතරින් මේ කතාව වැඩිපුර අසන්නට ලැබී තිබේ.

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂට වඩාත්ම උණුසුම් කාරී මැතිවරණයකට මුහුණ පෑමට සිදුව තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුල බව පෙරේදා(14) රාත්‍රියේ මහරගම පිළියන්දල පාරේ රාත්‍රී සමාජ ශාලවක පැවැති මධුවිත සාදයකදී කතා බහට ලක්විය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us