ලබන සතියේ අගමැති හා ඇමැති මණ්ඩලය නම් කිරීම අනිවාර්යයි. ! නැත්නම් සිරිසේනටත් කන්න නෑ. Featured

Published in පුවත්
Saturday, 08 December 2018 18:49

අභියාචණාධිකරණය විසින් හොර අගමැති හා හොර ඇමැති මණ්ඩලයේ කටයුතු එම නඩු විභාගය අවසන් වන තෙක් අත් හි‍ටුවා තිබීම නිසා 2019 වසර සඳහා රජයේ කිසිදු වියදමක් දැරීම හැකියාව අහෝසි වී තිබේ.

රාජ්‍යයේ මුදල් වියදම් කිරීම ඒකාබද්ධ අරමුදලෙන් විය යුතු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තිය අනුව රජයේ යම් වියදමක් දැරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමතකර පාර්ලිමේන්තුවේ අනුමැතියද ලබා ගැනීම විය යුතුව තිබේ.

කැබිනට් මණ්ඩලයක් නැතුව වුව රටේ කටයුතු හොඳින් සිද්ධ වෙනවා යැයි ජනාධිපතිවරයා වහසි බස් දෙඩවූවද ඔහු සිටින්නෙ ගිනි කන්දක් උඩ බව ඔහු හෝ ඔහුගේ උපදේශකයන් හෝ නොදන්නා බව මේ වන විට සිදුවෙමින් පවතින විගඩම් වලින් පැහැදිලිය. 2019 ජනවාරි පළමු වෙනිදා මේ ගිනිකන්ද පුපුරා යනු ඇත. ඉන් විනාශ වෙන්නේ ජනාධිපතිවරය පමණක් නොව සමස්ථ රටය.

ඇතැමුන් ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලේ මුදල් වියදම් කිරීමේ හැකියාවක් ඇති බවට මත පළ කළද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වගන්තිය අනුව එය සීමා කොට ඇත.

ජනාධිපතිවරයාට සිය හිතු මනාපෙයට ඒකාබද්ධ අරමුදලේ මුදල් වියදම් කිරීමේ බලයක් නැත. ඔහුට යම් වියදම් දැරීමේ හැකියාව ඇත්තේ අවස්ථා 2 කදී පමණි. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති මොහොතකය. ඊට අමතර 151 වගන්තිය අනුව හදිසි අනපේක්ෂිත තත්වයකදී මුදල් වැය කිරීමේ හැකියාවක් ඇත්ත එය සිදු කිරීමද මුදල් ඇමැතිවරයා විසින් සිදු කළ යුතුව තිබේ. නමුත් හදිසි අනපේක්ෂිත අවස්ථාවක් මේ මොහොතේ රටේ නැත..තිබෙන්නේ කුමණ්ත්‍රණකාරීව නිර්මාණය කළ දේශපාලන අර්බුධයකි.

මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහු කටයුතු කර ඇතත් එය ශ්‍රේෂ්ඨාධිකරණ විසින් එම තීන්දුව දෙන තෙක් එම ගැසට් නිවේදනය අත් හි‍ටුවා තිබේ. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දුව ජනාධිපතිවරයාට වාසිදායක නොමැති බව බැලු බැල්මටම පෙනෙන්ට තිබෙන නිසා යම් හෙයකින් එම විසිරුවා හැරීම නීති විරෝධී බවට අධිකරණය තීන්දු කළහොත් සමස්ථ ශ්‍රීලංකිකයාම දැඩි දුෂ්කර තාවයකට මුහුණ දෙනු ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුව යළි විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට අවස්ථාවක් නොලැබෙන නමුත් අගමැතිවරයකු හා ඇමැති මණ්ඩලයක් නම් කිරීමෙන් තොරව රාජ්‍යය පවත්වගෙන යෑම සිදු කළ නොහැක. මේ හේතුව නිසා මේ දෙසැම්බර් මාසයේ අවසන් සති දෙක ගෙවීයාමට පෙර අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය නම් කිරීම අනිවාර්යෙන්ම සිදු විය යුතුව තිබේ. රාජ්‍ය සේවක වැ‍ටුප් වල සිට රජයේ සියලු වියදම් වෙනුවෙන් මුදල් වෙන් කිරීම මේ අවසන් සති කිහිපයේදී සිදු නොවුන හොත් ජනාධිපතිවරයාගේ ආහාර වෙනුවෙන් වත් වැය කිරීමට රජයේ මුදල් ලබා ගැනීමට නොහැකිය.

මේ තත්වයන් හමුවේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන් ප්‍රමාණයක් විසින් පිළිගන්නා මන්ත්‍රීවරයාව අගමැතිධුරයට පත් කිරීමට සිදුවෙනු ඇත.

මහින්ද රාජපක්ෂට බහුතරයක් පෙන්වීමේ හැකියාව නොමැති බව 6 වතාවක්ම පැවැති ඡන්ද විමසීම වලින් පැහැදිලි විය. එමෙන්ම ඔහුට එරෙහිව විශ්වාෂභංග යෝජනා 2ක් ම සම්මත විය. එසේම ලබන 12 වෙනිදා පාර්ලිමේන්තු බහුතරය ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බවට යොජනාවක් සම්මත කිරීමට එජාපය සහ දෙමළ ජාතික සන්ධානය සූදානමින් පසුවේ.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 /152 

150. (1) මේ ව්‍යවස්ථාවේ (3) වැනි අනුව්‍යවස්ථාවේ සහ (4) වැනි අනුව්‍යවස්ථාවේ ප්‍රකාශිතව ම විධිවිධාන සලසා ඇති පරිදි හැර මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ අත්සන යටතේ වූ බලපත්‍රයක අධිකාරය අනුව මිස ඒකාබද්ධ අරමුදලෙන් කිසිම මුදලක් ඉවත් කර ගත නොහැක්කේ ය.

(2) යම්කිසි මුදලක් ඒකාබද්ධ අරමුදලෙන් ඉවත් කර ගැනීමේ දී ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් ඉවත් කර ගන්නා වූ මුදල් වර්ෂය තුළ දී ම රජයේ නියමිත සේවාවක් සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ යෝජනා සම්මතයකින් හෝ වෙනත් යම්කිසි නීතියකින් හෝ ඒ මුදල වෙන් කොට දී ඇත්නම් මිස, එසේ නැත්නම් වෙනත් ආකාරයකින් ඒ මුදල නීත්‍යනුකූල පරිදි ඒකාබද්ධ අරමුදලට වැය බරක් කරනු ලැබුවහොත් මිස ඉහත කී බලපත්‍රය නිකුත් නොකළ යුත්තේ ය.

(3) යම්කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත්, වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය.

(4) ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් සඳහා දිනයක් හෝ දින හෝ නියම කරන අවස්ථාවක, ඒ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසින් කලින් ප්‍රතිපාදන සලසා නොමැති නම් ඒ සඳහා අරමුදල් ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත්, මැතිවරණ කොමසාරිස්වරයා විමසා අවශ්‍ය යැයි සලකන අරමුදල් වැය කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය.

152. ජනරජයේ ඒකාබද්ධ අරමුදලෙන් නැතහොත් ජනරජයේ වෙනත් අරමුදලකින් යම්කිසි මුදලක් ගෙවීමට හෝ එකී අරමුදල්වලට වැය බරක් පැවරීමට හෝ යම්කිසි බද්දක් පැනවීමට හෝ තත් කාලයේ බලපවත්නා යම්කිසි බද්දක් ඉවත් කිරීමට, වැඩි කිරීමට නැතහොත් අඩු කිරීමට හෝ බලය පවරන්නා වූ කිසිම පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක්, අමාත්‍යවරයකු විසින් විනා අන් කිසිවකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක්කේ ය. තව ද, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇතොත් මිස හෝ අමාත්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලබන යම්කිසි ආකාරයකට අනුමත කොට ඇතොත් මිස, එවැනි පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් හෝ අමාත්‍යවරයකු විසින් වුව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක්කේ ය.

Last modified on Saturday, 08 December 2018 18:50

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us