ශ්‍රී ලංකාවේ කඩා වැටෙන ආර්ථිකය ගැන විදෙස් සමාගම් කණගාටුව පළ කරයි..

Published in පුවත්
Friday, 07 December 2018 14:23

පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ විදෙස් වානිජ සමාගම් පවසනවා. ශ්‍රී ලංකාවේ යුරෝපා වානිජ මණ්ඩලය (ECCSL), අමෙරිකානු වානිජ මණ්ඩලය ( AMCHAM) හා ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වානිජ මණ්ඩලය (AHK Sri Lanka) නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව පවසන්නේ.

සිය දැක්ම අනුව වත්මන් දේශපාලන තත්වය ඉක්මනින් නොවිසඳුනහොත් ශ්‍රී ලංකාවේ ආර්ථීක හා සමාජයීය අංශවලට අහිතකර ප්‍රතිවිපාක හිමි වනු ඇති බව ඔවුන් සඳහන් කරනවා. එහිදි විදෙස් ආයෝජකයන් හා ව්‍යපාරිකයන්ට මෙරට ව්‍යාපාරික පරිසරය තුළ විශ්වසනීයත්වය බිඳ වැටෙමින් පවතින බව විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසීමට අකමැත්ත පළ කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ව්‍යපාර පිහිටවූ ඔවුන්ගේ සාමාජිකයන්ට මේ වන විට එහි කිසිදු ප්‍රගතියක් ලැබී නොමැති බවත් ඒ හේතුවෙන් අදාළ දේශපාලන බළධාරින්ගෙන් රටේ දේශපාලන වියවුල්කාරී තත්වය සමනය කරමින් නීත්‍යනුකූල පරිසරයක් ඇති කරන ලෙස ඉල්ලා සිටින බව ඔවුන් පවසනවා. විදෙස් ආයෝජකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම සදහා එය අතිශය වැදගත් බව ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.

http://www.ft.lk/top-story/Political-deadlock-worries-foreign-companies-in-SL/26-668340

Last modified on Friday, 07 December 2018 14:53

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us