මව්බිම පුවත පට්ටපල් බොරුවක්.! සිරිසේනගේ කීමට ටිරාන් කරපු ජඩ වැඩක්.!   Featured

Published in පුවත්
Friday, 07 December 2018 14:05

සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදු කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය මුලුමනින්ම අසාර්ථක වීම නිසා මේ වන විට සිරිසේනගේ සම්පූර්ණ අවධානය යොමුව පවතින්නේ එක්සත් ජතික පක්ෂය දෙකඩ කිරීම වෙනුවෙනි. අද අමවුබිම සහ සිලෝන් ‍ටුඩේ පුවත්පත්වල පළ කර තිබෙන ' රවී කරුණානායකට එජාප ආණ්ඩුවේ මුදල් ඇමැතිකම දෙන්වා යැයි ලිඛිත පොරොන්දුවක් දී ඇති..' බවට වන පුවත ඒ අනුව නිර්මාණය වූවකි.

මෙම බොරු පුවත් පුවත්පතෙහි පළ කර දෙන මෙන් සිරිසේන ජනාධිපතිවරයා විසින්ම මව්බිම හිමිකරු ටිරාන් අලස්ට කළ දැනුම් දීම අනුව සිදු කර ඇති බව අතිශය විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කර සිටී.

එක්සත් ජාතික පක්ෂ නායකයා මෙලෙස කිසිවකුට ඇමැතිකම් හෝ වෙනත් ධූර සම්බන්ධයෙන් කිසිදු පොරොන්දුවක් ලබා දි නැති බව එජාපයේ ජේෂ්ඨ මන්ත්‍රීවරයකු තහවුරු කළ අතර. මේ මොහොතේ පවතින්නේ ඇමැතිකම් බෙදා හදා ගැනීමේ ගැටලුවන් නොවන බවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සටනක් බවත් ඔහු අවධාරණය කළේය.

සිරිසේන සහ මහින්ද එකතුව නියත වශයෙන්ම පරාජයට පත් කළ යුතු වීමත් අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා යළි පත් කර ගැනීමත් ගැන මිස තනතුරු තානාන්තර වෙනුවෙන් සටනක් පක්ෂයෙ කිසිදු ජේෂ්ඨ ඇමැතිවරයකුට නැති බවත් ඔහු පෙන්වා දෙයි. ලබන 12 වෙනිදා පාර්ලිමේන්තුවේ බaහුතරයේ විශ්වාසය ඇති පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බවත් ඔහුට අගමැතිධුරය ලබා දීම ජනධිපතිවරයා විසින් සිදු කළ යුතු බවටත යෝජනාවක් සම්මත කර ගැනීමට එජාපය සූදානමින් පසුවේ.

එසේම සිරිසේන මහින්ද කුමන්ත්‍රණකාරී සන්ධානය පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙ මුලිකත්වයෙන් දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදි සන්ධානයක් ඉදිරියේදී ගොඩ නගන බවත් ඊට මෙරට බහුතර ප්‍රගතිශීලි ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ජනතාවගේ සහය අනිවාර්යෙන්ම හිමිවනු ඇති බවත් ඇමැතිවරයා විශ්වාසය පළ කරයි.

අධිකරණය හමුවේත් පාර්ලිමේන්තුව හමුවේත් පරාජය වී සිටින සිරිසේන සහ මහින්දට දැන් අවශ්‍යව ඇත්තේ ඒ ජනතා ජයග්‍රහණය වැලැක්වීමටය. එජාපය කුමන්ත්‍රණ කාරී ලෙස බෙදා වෙන් කිරීම සඳහා උත්සහ ගන්නෙ ඒනිසා බවත් පැහැදිලිය.

මුල් අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස සහ කරූ ජයසූරිය අල්ලගෙන එජාපය දෙකඩ කිරීමට උත්සහ ගත් නමුදු එය අසාර්ථක විය. ඔවුන් දෙදෙනාම රනිල්ගේ නායකත්වය් පිළිගෙන කටයුතු කරමින් තිබේ. රවී කරුණානායක ද කිසිසේත්ම රනිල්ගේ නායකත්වය ප්‍රතික්ෂේප නොකරන ස්ථාවරයක සිටී. ඒ නුව එජාපයේ ජෙෂ්ඨ නායකයන් අතර ගැ‍ටුම් නිර්මාණය කිරීමේ නිර්ලජ්ජිත මෙහෙයුමක දැන් සිරිසේන යෙදි සිටී.

සිරිසේන යනු මේ රටේ බිහි වූ කාලකණ්නිම දේශපාලන අපතයා බව තව දුරටත් අමුතුවෙන් කිව යුතු නැත .ඔහු විසින් දිනෙන් දිනම එය ඔප්පු කරමින් තිබේ.a

Last modified on Friday, 07 December 2018 14:16

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us