මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාව ලංකා ඉතිහාසයේ මෙතෙක්‌ සිදුවූ විශාලතම හොරකම බවත් ඒ පිටුපස සිටින මහ මොළකරු ඇතුළු වගකිව යුත්තන්ට, කෙතරම් ඉහළ තනතුරුවල සිටින අය වුවත් දඬුවම් කළ යුතුව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (14 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක සැරසිලි කරමින් සිටි එ.ජා.ප. ආධාරකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීම ගැන සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු සැකකරුවන් හය දෙනා ලබන 28 තෙක් රිමාන්ඩ්ගත කිරීමට පැල්මඬුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියම කෙළේය.

මහින්ද රාජපක්ෂ ඇතුළු දූෂිතයන් ‍රැළකට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා අවලාද සියල්ලට අද දින සිංහ ලීලාවෙන් පිළිතුරු දී සිය හොඳ නම ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු දැඩි උත්සාහයක් ගනු ලැබීය. ඒ උත්සහය මේ වන විටත් සාර්ථකව ඇති බව සමාජ ජාලාවල දැක්වෙන ප්‍රතිචාරයන්ගෙන් පැහැදිලිය.

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කල ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිබේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝ මහතා අද දින එජපයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. අද එජාප මැතිවරන ප්‍රචාරක ව්‍යාපරය ආරම්බ කරමින් මහනුවර පැවැති ‍රැළියේදී ඔහු එජාප සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

මහින්දට නාමයෝජනා දීපු එකට මම සම්පූර්ණයෙන් විරුද්ධ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මේවන විටත් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී පැවැසීය.  රාජපක්ෂ ජනවාරි 08 වනදා පාරාද වූවා සේ ඉදිරි මැතිවරණයේදීත් පරාජයට පත්වෙන බවත් ඔහු පැවසීය, 

ඉදිරි මහමැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින්ට බව ජාතික විද්වත් එකමුතුව පවසයි.
වත්මන් පාලනය යටාතේ රාජ්‍ය සේවකයින්  දැඩි පීඩනයකට පත්ව සිටින බව හිටපු ජනපති මහින්ද මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධනයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිළ මහතා මෙවර මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් සියය ගනනේ සිය ඡන්ද දායකයන්ගෙන් එකතු කිරීම සිදු කරන බව ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු බාර නිළධාරියකු පැවැසුවේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us