පොලිස් ස්ථානාධිපතිවරුන් දොළොස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවා තිබේ.
ඉදිරියේදි පිහිටුවන ලබන සිය රජය මඟින් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය නියත වශයෙන්ම අහෝසි කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
කයිට්ස්, කුන්කුඩතිව් මහ විදුහලේ දාහත් හැවිරිදි සිසුවියක් සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අටදෙනකු කයිට්ස් පොලිසිය මඟින් ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබ ඇත.
කොග්ගල නිදහස් වෙළඳ කළාපයේ ආයෝජන පහසුකම් සඳහා මෙන්ම නව කර්මාන්ත ශාලා සඳහා ආයෝජනය කිරීමට එකඟත්වය පල කිරීමට චීනයේ, චින්ඩාවෝ ප්‍රාන්තයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 15 ක් එකඟ වී තිබේ.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ඔහු අද (18දා) නිදහස් විය. කොළඹ මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබුණි.
මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවක් අද(18) කතානායකවරයාට බාර දී ඇත. මෙම විශ්වාසභංගය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු 88ක් අත්සන් තබා තිබේ.
ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව අභියාචනාධිකරණය පැනවූ අතුරු තහනම තවදුරටත් ජුලි මස 02දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (18දා) නියෝග කර තිබේ.
මහින්ද නාමල් විසින් රචිත ‘‘සොබාදහමේ දෙව්දහම” කෘතිය ජනගත කිරීම 2015 මැයි 25 සඳුදා සවස 3.00 ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදි පැවැත්වේ.