වරදක් කළත් සිතකින් නොවේ...ගෝඨාට නීතියේ පිළිසරණ

Published in පුවත්
Thursday, 25 July 2019 11:43

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කර ඇති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාගයට ගැනීම ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව බුවනෙක අලුවිහාරේ, ගාමිණී අමරසේකර සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය සිදුකර ඇත.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටින්නේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි. නමුත් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලය ලබාදී ඇත්තේ බරපතල ආර්ථික චෝදනා සහ මූල්‍ය අපරාධ ආදී කරුණු සඳහා නඩු විභාග කිරීමට බවත් ඉහත සිදුවීමට අදාල නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියි. ඒ අනුව තම නීතීඥවරු විරෝධතාවක් මතු කළ ද එම විරෝධතාව නොතකා විශේෂ මහාධිකරණයේ නඩුව විභාගයට ගැනීමට තීරණය කර ඇති බවත් එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඊට අදාල ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබූවද එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමට විශේෂ මහාධිකරණය ප්‍රතික්ෂේප කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා ඇත.

පෙත්සමට අදාල කරුණු සළකාබැලීමෙන් පසු එය විභාගයට ගැනීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අවසර ලබාදුන් අතර එය ඔක්තෝබර් මස 01 වැනිදා විභාගයට ගැනීමටත් විශේෂ මහාධිකරණය හමුවේ පැවැත්වෙන සිද්ධියට අදාල සාක්ෂි විභාගයට ගැනීමේ කටයුතු අත්හිටුවන ලෙසත් නියෝග කර ඇත.

 

(lankatruth)

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us