මහින්ද රාජපක්ෂට සහය පළ කරන කණ්ඩායම වෙනත් පක්ෂයකින් ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නම් මෛත්‍රීපාල සිරිසේන දිනවීමට සහය දුන් පක්ෂ සන්ධානයක් ලෙස හංසයා ලකුණින් ඉදිරි මැතිවරණය ඉදිරපත් වීමට සූදානම්  බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් නොවන බව  වාර්තා වේ. එසේම මැතිවරණය ඉදිරිපත් නොවීමේ තීරණයට හිලව්වක් ලෙස  මහින්ද රාජපක්ෂ හිතවත් පාර්ශවයේ කිහිප දෙනෙකුට නාම යෝජනා ලබාදීමට මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමඟ එකඟතාවයකට  පැමිණීමට උත්සාහ ගනිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරි මහමැතිවරණය අගෝස්තු මස 17 වන දින පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද (26) මධ්‍යම රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා මේවනවිටත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

සංචාරයක් සදහා දිවයිනට පැමිණි හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූයේය.

ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ ආණ්ඩුවේ නියෝජිතයින් නොමනා ලෙස හා නීති විරෝධී ලෙස මිනිස් ඝාතන සිදුකර ඇතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2014 වසරට අදාළව නිකුත් කරන ලද මානව හිමිකම් පිළිබඳ වාර්තාවෙන් පෙන්වාදී තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුබදායී පණිවිඩය ඉතා කඩිනමින් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ ජනතාවට කඩිනමින් ස්ථාවර ආණ්ඩුවක් බිහිකළ හැකි බවය.

වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් කාලය මේ මස 30 වනදා දක්වා දීර්ඝ කිරිමට මැතිවරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us