මිලින්ද කෑවා.. ඊළඟට දිලිත් ගුටි කෑමට නියමිතයි. Featured

Published in පුවත්
Saturday, 31 August 2019 17:02

නන්දසේන ගොඨාබයගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වූ කොළඹ නගර සභා මන්ත්‍රී මිලින්ද රාජපක්ෂට එම තනතුර නිකම්ම නිකම් තීරණයක් මත අහිමිවීමට වඩා දෙයක් සිදුව තිබෙන බව ඔහුගේ සමීපතමයන් විසින් පෙන්වා දෙයි. නන්දසේනගේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම් සහ මාධ්‍ය සම්බන්ධීකරන කටයුතු අසාර්ථක වීමත් පසුගියදා පොදුජන පෙරමුණේ තරුණ සමුළුවට අපරාධ චූදිතයන් දෙදෙනකු නංවා කළ මහත් විනාශයත් නිසා මේ සම්බන්ධයෙන් නන්දසේන විසින් සොයා බලා තිබේ.

ඒ අනුව මිලින්ද රාජපක්ෂ කටයුතු කරන්නේ තමන්ගේ දේශපාලන සිහින සැබෑකිරීමට නොවන බව තහවුරු කරගෙන ඇත. ඔහු නාමල් රාජපක්ෂගේ කීම් බහට අනුව කටයුතු කිරීමේ ප්‍රතිපලයක් ලෙස සිය මැතිවරණ මෙහෙයුම් කඩාකප්පල් වන ලෙස කටයුතු කරන බව ද තහවුරු කරගෙන ඇත.

විශේෂයෙන්ම නන්දසේනගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු නාමල්, යෝශිත සහ රෝහිත තිදෙනා විසින් පවත්වාගෙන යන ප්‍රචාරක ආයතන වෙත ලබා ගැනීමේදැඩි උත්සාහයක් පසුගිය කාලයෙහි තිබිණි. නමුත් ඒ සියල්ල දෙරණ අධිපති දිලිත් ජයවීරට ලබා දීම නිසා මහින්ද රාජපක්ෂ පුතුන් සිටියේ එම කටයු‍තු කඩාකප්පල් කරන තැනකය. දිලිත්ගේ ට්‍රයි ඇඩ් ආයතන්යේම සේවය කරන තම ගජ මිතුරා වන මිලින්දව පාවිච්චි කර එම කටයුතු කඩාකප්පල් කිරීම සඳහා මහින්දගේ පුතුන් කටයුතු කර තිබේ. පසුව ඔවුන් නන්දසේනට පවසා ඇත්තේ දිලිත්ලා මෙම කටයුතු සඳහා නොගැලපෙන බවය. මෙතෙක් සිදුකළ ප්‍රචාරක කටයුතු අසාර්ථක බව ඒත්තු ගැන්වීමට ඔවුන් උත්සහ දරා ඇත. මේ සියල්ල සිදුවීමෙන් පසුව මිලින්ද ඩබල් ගේම් කාරයකු බව නන්දසේන විසින් සහතික කොටම සොය ගෙන ඇත. ඒ අනුව සිය නිවසට ගෙන්වූ මිලින්දට දැඩිව දොස් පවරා කණ කිස්කන්න ප්‍රහාරයක්ද එල්ල කර ඇති බව ඔහුගේ සමීපතමයන් පසුගිය දින කිහිපයෙදි තැන තැන කියවා ඇත. ඒ අනුව මෙම තොරතුරු ප්‍රසිද්ධ විය.

නන්දසේනගෙන් ගැලවුණු මිලින්ද දැන් නාමල් රාජපක්ෂගේ කිරිපල්ල යටට වී.මහින්ද රාජපක්ෂ මධ්‍යස්ථානය නම් නව සංවිධානයකට සම්බන්ධව කටයුතු කරමින් සිටී. ඔහු පෞද්ගලිකව සමාජ ජාලා ඔස්සේ සිදුකළ නන්දසෙනගේ ප්‍රචාරක කටයුතු පවා දැන් අත් හි‍ටුවා තිබේ.

නන්දසේනගේ අතීත ක්‍රියකාරකම් වල ප්‍රතිපළ ලෙස මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට ජීවිතයෙන් සමුදිමට සිදුව තිබිණි. එසේම මාධ්‍යවේදීන්ට තර්ජනය කර බිය ගැන්වීමේ අවස්ථා බොහොමයක්ද තිබිණි. කුකුල් කේන්තිකරයකු වන නන්දසේනට කිසිවකුත් සමඟ සුහද කතා බහක් ගනුදෙනුවක් කිරීමේ හැකියාවක් නැත. ඔහු ගැන දන්නා අයකු ඔහු සමඟ පැටලෙන්නේද නැත. ඔහුව ජනාධිපති අපේක්ෂකයා කිරීම ගැන පොදුජන පෙරමුණේම ජේෂ්ඨයන් එරෙහි වුණේ මේ නිසාය. කුමාර වෙල්ගමලා ඔහුව හිට්ලර් කෙනෙකුට සමාන කළේ නිකම් නොවේ හේතු සහිතවය. ඒවා දැන් සත්‍ය කාරණා බව තහවුරු වෙමින් පවතී. ඒ නිසා මිලින්ද රාජපක්ෂ නන්දසේනගෙන් ගුටි කෑවාය කියන එක ගැන සැකයක් තියා ගැනීමටත් අවශ්‍ය නැත.

කෙසේ නමුත් නන්දසේගේ චරිතයේ ස්වභාවය අනුව මීළඟට ගුටිකෑමට නියමිතව ඇත්තේ දිලිත් ජයවීරය. මන්ද මේ වන විට නන්දසෙනගේ සියලුම ප්‍රචාරක කටයුතු ගොඩ පිටින්ම බදාගෙන සිටින්නෙ ඔහුය. එම ප්‍රචාරක කටයුතු මේ වන විටටත් දැඩි අසාර්ථකත්වයකට මුහුණ පා තිබේ. දිලිත් මීට පෙර සිදු කළ දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘති සියල්ලක්ම අසාර්ථක වූ ඒවාය. මේ අනුව නන්දසේනගේ ප්‍රචාරක මෙහෙයුමද දැන් පත්ව තිබෙන තත්වය අනුව ඒය සාර්ථක වීමේ හැකියාවක් නොපෙන්වයි. දිලිත් වෙනත් කිසිවකුට එම ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධවීමට ඉඩ නොදෙන තත්වය හමුවේ වැඩි කාලයක් නොයා නන්දසේගෙන් ඔහු ද ගුටි කෑවා යනුවෙන් වාර්තා වුවහොත් එය ද බොරුවක් නොවනු ඇත.

සැබැඳි පුවත් :

ගෝඨාගේ විනය නැවතත් පොහොට්ටුව සුවඳ කරයි.. නැත්නම් ගඳයි - පොහොට්ටු, ගෝඨා ගැටුම එළිපිටම. 

ඇලෝසියස්ගේ රවීගේ සහ නන්දසේනගේ ඩබල් ගේම් මව්බිම පුවතින් පසු එළියට 

පාදඩයන් වේදිකාවට නංවා ගෝඨාගේ තරුණ සමුළුව අල කළේ කවුද? 

සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.

දිලිත්ට යූඑන්පියේ ඇඩ්වර්ටයිසිං දෙන එකා මොන පිස්සෙක්ද?

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us