අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන ජාතික ආණ්‌ඩුවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකතු වන්නේ නම් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය තම පක්‍ෂයට ලැබිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන 13 දෙනෙකුගේ පිරිස නම් කොට මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම්දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට නව ආණ්ඩුවේ කැබිනට් ඇමැතිධූරයක් ලබාදීම ගැටලුවක් වී තිබේ.

අද උදැසන පැවැති ශ්‍රී ලනීප මධ්‍යම කාරක සභාවේදී එක්සත් ජාතික පක්ෂය හා ජාතික ආණ්ඩුවක් පිහි‍ටුවීමට අවශ්‍ය අනුමැතිය ලැබී තිබේ. 

මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ කේ.ඩී.ලාල් කාන්ත අදාල මනාප ප්‍රමාණය සම්පූර්ණ නොවීම හේතුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්නොවූ අතර ඔහු තමාට හිමි පළාත් සභා මන්ත්‍රීධුරයෙන්ද සමුගන්නා බව පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් පාර්ශ්වය විසින් සන්ධාන ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනිම සඳහා කළ කුමන්ත්‍රණය පරාජයට පත්කර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් කිහිප දෙනෙකුගේම සහය ලබා ගෙන එජාප ආණ්ඩුවක් පිහි‍ටුවීමට අවශ්‍ය බහුතර මන්ත්‍රීවරු ප්‍රමාණය තහවුරු කර ගැනීමට සමත්ව තිබේ. එම කණ්ඩායම 20 දෙනෙකු පමන වන බවත් වාර්තාවේ.

රක්නා ලංකා ආයතනයේ සිදුවී ඇති විවිධ අක්‍රමිකතා සහ අවි ආයුධ සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගැනීමට හිටපු ආරක්ෂක ඇමැති ගෝඨාභය රාජපක්ෂට ඊයේ (18) විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට දන්වා සිටියද, ඔහුගේ නීතීඥ රුවන්ත කුරේ මහතා ඒ සඳහා මෙම 24 දායින් පසුව දිනයක් ලබාදෙන ලෙසට එම කොමිසමෙන් ඉල්ලා තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හමුදා සෙබළුන් සිව්දෙනාට ආරක්‌ෂක අංශ ප්‍රධානීන් කීපදෙනකු විසින් රැකවරණය ලබාදීම නිසා පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන යෑමට නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us