රනිල්ව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළේ නෑ. - එජාප සභාපති Featured

Published in පුවත්
Saturday, 07 September 2019 13:32

රනිල් වික්‍රමසිංහ එජාපයේ ජනධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමක් සිදු නොකළ බවත් ඊයේ සාකච්ඡා කළේ එසේම එජාපයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස සුදුසු කෙනෙකු නම් කිරීම සම්බන්ධයෙන් පමණක් බවත් එජාපයේ සභාපති කබීර් හශීම් අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

හෙට දිනයේදී එජාප නායක සහ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර මේ සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව එජාප අපේක්ෂකය කවුද යන්න ගැන එජාපය විසින් තීන්දු කරනු ඇති බවත් එජාප සභාපතිවරයා පවසයි.

කෙසේ නමුත් එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත්වන බව මීට් පෙර පැවැති රැස්වීම කිහිපයකදී රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කොට තිබු අතර. සජිත් ප්‍රේමදාස ද ඊට ඉදිරිපත් වෙන බව පවසා තිබිණි.. එසේම තවත් ඇමැතිවරු කිහිපදෙනෙකුම අපේක්ෂකත්වය බලාපොරොත්තු වන බව පවසා තිබිණි. ඒ අතර සරත් ෆොන්සේකා දයා ගමගේ රාජිත සේනාරත්න,ලක්ෂමන් කිරිඇල්ල යනාදීන් ද සිටිති.

එජාපය තුල ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් වන තරගකාරීත්වය වඩාත් උණුසුම් වී තිබීම මත ඊට අදාලව ව්‍යාජ පක්ෂග්‍රාහී තොරත්තු ප්‍රචාරය වීමද වැලැක්විය නොහැකිව තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා ලෙස එජාපය විසින් ‍තෝරා පත් කර ගත්තාය යනුවෙන් පළවන ප්‍රවෘත්තිය ඒ මහතාට සමීප හිතවතුන් විසින් මාධ්‍යයට ලබා දුන් ව්‍යාජ තොරතුරක් බව මේ සම්බන්ධයෙ වන තොරතුරු මුලාශ්‍රයන්ද සනාත කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us