ප්‍රෝඩාබයට අහුවෙන්න එපා..එජාපය තීරණය අරන් ඉවරයි. සජිත් අපේක්ෂකයා.- මංගල (video) Featured

Published in පුවත්
Saturday, 07 September 2019 13:56

ඇත්ත වශයෙන්ම එන්ටර් ප්‍රයිසස් ශ්‍රී ලංකා කියන්නේ ඒක ගැන කතා කරන ස්ථානයක් නෙවෙයි. නමුත් එතනදී මම පැහැදිළිවම කියන්න ඕන ඒ ප්‍රකාශ අද පුවත්පත්වලත් ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඒ දාල තියෙන ප්‍රකාශය ප්‍රෝඩාභය රාජපක්ෂගේ ගොට්ටන්ගේ බොරු ප්‍රවෘත්තියක්.

ෆේක් නිව්ස් එකක්. මොකද ඇත්ත වශයෙන්ම ප්‍රෝඩාභය රාජපක්ෂ නොහොත් ගෝඨාභය කියන්නේ ප්‍රෝඩාවෙන්ම දේශපාලනය කරන කෙනෙක් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නැති ප්‍රශ්න නිර්මාණය කරලා පෙන්නන්න කරපු තවත් අසාර්ථක උත්සායක්.

මොකද ඊයේ ඔය කියපු සාකච්ඡාවට, මම යාපනයට ආපු නිසා නොහිටියත් ඒ සාකච්ඡාවේ හිටපු අපේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සියල්ලම මට කිව්වේ එහෙම දෙයක් ඇත්ත වශයෙන්ම අගමැතිතුමාවත් කතා කරේ නැහැ කියලා. එතනදී එහෙම දෙයක්වත් කතා කරලා නොතියන මොහොතක ඒ වගේම අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක්ම සජිත් ප්‍රේමදාස මහත්මයාව අපේක්ෂකයා හැටියට ඕනෙයි කියලා තියෙන මොහොතක මෙවැනි අභූත ප්‍රකාශයක් කිරීම තුළින් ප්‍රෝඩාභයගේ ඒ ව්‍යාපාරයේ කඩා වැටෙන ස්වරූපයයි මේ අය ඒ පෙන්වලා තියෙන්නේ.

මොකද අපි පැහැදිළිවම දන්නවා මේක ඒ පැත්තෙන් ප්ලාන්ට් කරපු නිව්ස් එකක්. පැහැදිළිවම මම නැවතත් කියන්නේ මේ රටේ ජනතාව අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක්, 76 න් 52 කටත් වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් අත්සන් කරලා තියෙනවා අපිට ඕන සජිත් ප්‍රේමදාසයි කියලා. ඒ වගේම මේ රටේ ජනතාවගෙන් මම හිතන්නේ හයෙන් පහක්ම අපි දැක්කා බදුල්ලේදී, අපි දැක්කා මාතරදී, අපි දැක්කා කුරුණෑගලදී, මේ යාපනයට එනකොටත් අපි දකිනවා පාර දෙපැත්තේ තියෙන ප්‍රතිචාරය එතුමාගේ බෝඩ් ලෑලි වලින්, එතුමා ගැන ඒ තියෙන සංවර්ධන කටයුතුවලින්, ඒ නිසා මුළු රටම මේ ගැන තීන්දුවක් අරගෙන තියෙන වෙලාවක, පක්ෂය තුනෙන් දෙකක් තීන්දුවක් අරගෙන තියෙන වෙලාවක. මෙවැනි තීන්දුවක් ගත්තැයි කියන එක ඇත්තෙන්ම විහිළුවට කරුණක්. අනිත් එක කවදාවත් අපේ අගමැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවැනි දේකට සම්බන්ධ වෙන්නේ නැහැ. එතුමා හැමදාම බහුතර මතයට හිස නැමුවා. ඒ වගේම මට විශ්වාසයි ඇත්ත වශයෙන්ම මේ වැඩි දින කීපයකට ප්‍රථම එතුමාගේ යෝජනාවෙන්, ඒවගේම අපේ කතානායකතුමා කරු ජයසූරිය මැතිතුමාගේ ස්ථීරත්වයෙන් සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම මේ රටේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වෙලා, නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ මැතිවරණයෙන් පස්සේ ඊළඟ ජනාධිපති වීම කාටවත් නවත්වන්නට බැහැ.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නේද එක තීරණය කරන්නේ?


හරි ඒක නිසා තමයි, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්නෙත් මන්ත්‍රීවරු. මන්ත්‍රීවරු දැන් තුනෙන් දෙකක්ම දැන් කියලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ තීන්දුව, මේ එක එක ගෝඨාභයට කඩේ යන අයගෙන් නෙවෙයි ගන්න ඕනේ. ඒ තීන්දුව අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයයි පාර්ලිමේන්තු කණ්ඩායමයි එකතු කරලා කරපු රැස්වීමකදී අවසන් තීරණය ගන්නවා.

එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා කියලා කියනවා?

නැහැ. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලත් නැහැ කැඩෙන්නෙත් නැහැ. මොකද දෙකට කැඩෙන්න බැහැනේ මොකද අනූ පහක් එක මතයක ඉන්නකොට තව පස්දෙනෙක් කියනවා නම් බැහැයි කියලා, කඩනවා නම් කඩන්න හදන්නේ ඒ පස්දෙනා මිසක් අර අනූ පහ නෙවෙයි. මුළු පක්ෂයම එක මතයක ඉන්නේ.

video 

Last modified on Saturday, 07 September 2019 14:43

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us