ඊයේ හිනිදුම , අකු‍රැස්ස අතර තලගල ප්‍රදේශයේදි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම විසින් තවත් චණ්ඩිකමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

ජනතා විමුක්‌ති පෙරමුණ සහ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇති රහස්‌ ගිවිසුම් හෙළිකිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා (කුමාර් මහත්තයා) අද (01දා) හෝ හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේය.

මුලතිව් දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිස්ත්‍රිකයේ සියලූම ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා අද තීන්දු කර තිබේ.

මේ දින කිහිපය තුල  මහින්ද රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම් කමි‍ටුව විසින්  මෙරට ජංගම දුරකතන ග්‍රාහකයන් වෙත කෙටි පණිවිඩ යවමින් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂගේ නිල වෙබ් අඩවිය කොපි කර ඇතැයි අසත්‍ය තොරතුරක්  ප්‍රචාරය කරමින්  සිටී.

ඇමැති විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් වරයා හා උතුරුමැද පළාතේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හතර දෙනෙක් අද දින මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීම සඳහා ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.

කුරුණැගල දිස්ත්‍රික්කය නියෝජනය කරන තවත් කැබිනට් ඇමැතිවරයෙක් හා පළාත් සභා ඇමැතිවරයෙක් ඉදිරි දින කිහිපය තුලදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට නියමිතය. මේ වන විට සිය පාක්ෂිකයන්ට තමන් ආණ්ඩුවෙන් ඉවත්වන බව මෙම කැබිනට් ඇමැතිවරයා දැනුම් දි තිබේ.

 ෆයිසර් මුස්තාපා මහතා මේ වන විට සිරිකොත මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකටද සහභාගී වෙමින් සිටී.
එක්සත් ජාතික පක්ෂය එළඹෙන ජනාධිපතිවරණයට බියවී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය. ගිය පාර මගේ හමුදාපති දැම්මා මේ පාර අපේ මෝඩයා අහුවුණා යනුවෙන් පැවසු ජනපතිවරයා පවසන්නේ වර්තමානයේදී එම පක්ෂය තුළ නායකත්වයක් නැති බවයි. රනිල් වික‍්‍රමසිංහ මහතාට විපක්ෂ නායක ධූරය පමණක් රැක ගැනීමට අවශ්‍යව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us