දිවයිනේ ඇතැම් ප්‍රදේශ සඳහා සංචාරය කිරීමේදී විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට පනවා තිබූ තහනම ඉවත් කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පළමු ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ආරක්ෂක අංශ සඳහා උපදෙස් ලබා තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි ඇති නඩු 5 රජය ඉල්ලා අස්‌කර ගනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

අසාර්ථක සංවර්ධ ව්‍යාපෘතියක් බවට පත්ව ඇති 'මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර' ගුවන්තො‍ටුපොළෙන් මින් පසුවට ගුවන් ගමන් යෙදෙන්නේ මැද පෙරදිග රටවලට පමණක් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇතැයි වාර්තාවේ.

හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පාදුක්ක, වග, වැලිපැන්න ප්‍රදෙශයේ සංචාරක හොටලයක් ඉදිකරමින් සිටින බව හෙළිව තිබේ.

ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක  නිලධාරී ලලිත්ද සිල්වා මහතා  වහාම එම තනතුරෙන් ඉවත් කළ යුතු බවට එම අයතනයේ වෘත්තීය සමිති 10ක් ඒකාබද්ධව අද දින ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
අයථා ලෙස ආරක්ෂක අමාත්‍යංශයෙන් මුදල් හා වෙනත් වරප්‍රසාද ලබා ගත්  ඉහළ හමුදා නිලධාරීන් ‍රැසක් ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බවට නව ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට පැමිණිළි ‍රැසක් ලැබී ඇති බව දැන ගැනීමට ඇත.
හිටපු නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ කොළඹ, කැප්පෙට්ටිපොළ පාරේ පිහිටි නිල නිවසේ තිබූ ඉබි යතුරු, දොර රෙද්දේ සිට  වායුසමීකරණ යන්ත්‍ර ආදී සියල්ල  නිල නිවසෙන් ඉවත්ව යාමේදී ගලවාගෙන රැගෙන ගොස් තිබේ.

දූෂණ විරෝධී හඬ සංවිධානය මගින් අද (16) දින විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us