අයියණ්ඩි මැරෙනා හැටි මම පෙන්වමි - අගමැති අපේක්ෂක ගෝඨා ! Featured

Published in පුවත්
Tuesday, 07 April 2015 12:37

ඉදිරි මහ මැතිවරණයේදී රාජපක්ෂවාදී කණ්ඩායමක් ලෙස අවතැන්වූ දේශපාලන පක්ෂවල එකතුවෙන් සැකසෙන නව පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇතැයි රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග පවසයි.

මේ වන විට මෙම කණ්ඩායක් මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස ශ්‍රි ලනීපයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් කළ යුතු බවට උද්ඝෝෂණයක් ගෙන ගියද ඒ සඳහා කිසිදු ඉඩක් නොලැබෙන තත්වයක් හමුවේ වෙනත් පෙරමුණක් සමඟ මහින්ද රාජපක්ෂව අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සඳහා ගත් උත්සහයද අසාර්ථක වී ඇත.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ ශ්‍රී ලනීපයේ අගමැති අපේක්ෂකයා ලෙසද ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර තිබුණේ නැත. ඔහුට එරෙහිව වන දුෂණ අක්‍රමිකතා පිළිබඳ චෝදනා කරලියට ඒම වලක්වා ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එදිරිව යාමෙන් වැලැකීමේ පියවරක් අනුගමනය කරමින් සිටී. එමෙන්ම නව පෙරමුණකින් කිසිසේත්ම ඉදිරිපත් නොවන බවද ඔහු දැනුම් දී තිබේ.

මේ අනුව ගොඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කර ගත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා මේ දිනවල සැලසුම් කරමින් තිබේ. ගෝඨාභය රාජපක්ෂ, මහ මැතිවරණය ඉදිරිපත් වනුයේ මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදය ඇතිවය. එමෙන්ම මෙම පෙරමුණ සාර්ථක වුවහොත් නාමල් රාජපක්ෂද එම පෙරමුණෙන්ම මැතිවරණයට ඉදිරිපත් වනු ඇත. මේ සඳහා ශ්‍රී ලනීපයේ මන්ත්‍රීවරු ගනනාවකගේ සහය හිමිවීද තිබේ.

Last modified on Tuesday, 07 April 2015 13:21

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us