සිගිරියේ කුරු‍ටු ගෑ තරුණිය තාම හිරේ

Published in පුවත්
Tuesday, 07 April 2015 08:12

කුරුටු ගීවලට හානි සිදු කිරීමේ චෝදනාව යටතේ වරදකාරිය වී දෙවසරක සිරදඬුවම් නියම වූ දමිළ ජාතික තරුණිය ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූවත් තවමත් මුදා හැරීමේ නියෝග නොලැබීම හේතුවෙන් ඇය අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාගෙන සිටින බව වාර්තා වේ.

දැනට වසර 2ක සිර ඳඬුවමකට යටත්ව සිටින සින්නතම්බි උදයශ්‍රී නැමැති 27 හැවිරිදි තරුණිය මඩකළපුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඉකුත් පෙබරවාරි මස 14 වැනිදා ඇය සීගිරිය නැරඹීම සඳහා පැමිණි අතර කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් නම ලිවීම නිසා කැටපත් පවුරට හානි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කළේය.

ඇයට සමාව ලබාදෙන ලෙස පවුලේ ඥාතීන් ස්වේජ්ජා සංවිධාන හා වෙනත් පාර්ශවයන් ඉල්ලීම් කළ අතර පසුගිය 02 වනදා ඇයට ජනාධිපතිවරයා විසින් සමාව ලබාදීමට තීරණය කළේය. එහෙත් අදාළ නියෝගයන් තවම අනුරාධපුර පිහිටි බන්ධනාගාරය වෙත ලැබී නොමැති අතර ඇය තවමත් බන්ධනාගාරයේ රඳවාගෙන සිටී.

 

dinamina

Last modified on Tuesday, 07 April 2015 08:13

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us