ගාමිණී සෙනරත්ට එරෙහි පරීක්ෂණ අරඹයි

Published in පුවත්
Tuesday, 07 April 2015 07:51

හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මහතා නීති විරෝධී හා අයථා අන්දමින් මහා පරිමාණ වශයෙන් මුදල් හා දේපළ උපයා ඇද්ද යන්න පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරික්ෂණ ආරම්භ කර ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

නීති විරෝධීව හා අයථා අන්දමින් ඉපැයූ මුදල්, වාහන එකොළහක් යොදාගෙන ප්‍රවාහනය කළේද යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බව කරුණු වාර්තා කර ඇත. සෙනරත් මහතාගේ බැංකු ගිණුම් තොරතුරු අනාවරණය කර ගැනීමටද පරීක්ෂණ ආරම්භ කරන බවත් ඒ මහතාගේ සමාගම් දෙකක් පිළිබඳ හා නිවාඩු නිකේතනයක් ඇතුළු නිවාස නවයක් (9) පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවත් රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට ලැබුණු පැමිණිල්ලක් මත 2006 අංක 05 දරන මුදල් විසුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

ගාමිණී සෙනරත් මහතා නීති විරෝධී හා අයථා අන්දමින් මුදල් හා දේපළ රැස්කර ඇති බවට ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක සහ දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කාර මණ්ඩල සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා රහස් පොලිසියට පසුගිය 26 දින ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කිරීමට යන බව කරුණු දක්වා ඇත.

2013 සැප්තැම්බර් 25 දින හා 2013 දෙසැම්බර් 19 යන කාලය අතරතුරදී මේ අයථා මුදල් ඉපැයීම කර ඇති බව නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැමිණිලිකර ඇති අතර මුදල් ප්‍රවාහනය කළ වාහන අංක එකො‍ළහක් ද ඉදිරිපත් කර ඇත.


- dinamina

Last modified on Tuesday, 07 April 2015 08:10

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us