සුනාමි මුදල් වංචාකළ ටිරාන්ට විදේශ සංචාර තහනමක් !

Published in පුවත්
Tuesday, 07 April 2015 21:38

පසුගිය සුනාමි ව්‍යවසනයෙන් උතුරු නැගෙනහිර අවතැන්වූවන් සඳහා නිවාස සපයා දීමට යැයි අඟවමින්, ‘රාධා' නැමැති ආයතනයක් හරහා මුදල් වංචා කළ බවට පවතින චෝදනාව හේතුවෙන් ටිරාන් අලස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් මේ වන විට නිකුත් කර ඇතැයි වාර්තා වේ.

සිද්ධිය මෙසේය.

පසුගිය සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමිවූ උතුරු නැගෙනහිර ජනතාවට නිවාස සාදා දීමේ අරමුණින් එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුමැතිය මත ‘රාධා' නමින් ආයතනයක් 2006 වර්ෂයේදී ආරම්භ කර ඇත. මෙම ආයතනයේ සභාපති ලෙස කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාය.

මහා භාණ්ඩාගාර වැය ශීර්ෂ 803 යටතේ මහා භාණ්ඩාරගාරය විසින් ජනාධිපති කාර්යාලය හරහා මෙම 'රාධා' ආයතනයට මුදල් ලබා දී තිබේ.

නිවාස සෑදීමේ කටයුතු සඳහා ‘බී.එම්.කේ. හෝල්ඩින්ග්ස්' නැමති ආයතනයත් 'එවරස්ට් සිවිල් ඉංජිනියරින්' නැමති ආයතනයකුත් පිහිටුවා ගෙන ඇත. මෙම ආයතන දෙකෙන් 'බී.එම්.කේ. හෝල්ඩින්ග්ස්' යන ආයතනය ලියාපදිංචි කර ඇත්තේ ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කිරීමෙන් වන අතර 'එවරස්ට් සිවිල් ඉංජිනියරින්' යන ආයතනය කිසිදු ලියා පදිංචියක් කර නැත. තවද, මෙම ආයතන වල ලිපිනයන්ද සම්පුර්ණයෙන්ම ව්‍යාජ වේ.

මහා භාණ්ඩාරගායෙන් ජනාධිපති කාර්යාලයට ලැබෙන මුදල් ජනාධිපති කාර්යලය විසින් 'රාධා' ආයතනයට බැර කර තිබෙන අතර රාධා ආයතනය විසින් ඉහත ව්‍යාජ ආයතනය හරහා 'ඌම්ස් (Oomps) ටෙක්ස්ටයිල් ලිමිටඩ්' නැමැති ආයතනයට එම මුදල් බැර කර ඇත.

ඉහත 'බී.එම්.කේ. හෝල්ඩින්ග්ස්' නැමැති ව්‍යාජ ආයතනයේත් 'ඌම්ස් ටෙක්ස්ටයිල්' නැමැති ආයතනයේත් අධ්‍යක‍්ෂක මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත්තේ ශාන්ති කුමාර් ගජන් කුමාර් නැමැති පුද්ගලයා වන අතර අධ්‍යක‍්ෂක මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වන්නේ ඔහුගේ මව හා සහෝදර සහෝදරියන් වේ.

මෙම 'ඌම්ස් ටෙක්ස්ටයිල්' ආයතනයට ලැඛෙන රජයේ මුදල් එම ආයතනයෙන් නැවත ලබාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් යන අය හා එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුව සිටි එමිල් කාන්තන් යන අය බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මේ අනුව 'රාධා' ආයතනය වෙත රුපියල් මිලියන 645 ක මුදලක් මහා භාණ්ඩාරයෙන් එවා ඇති අතර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් වල කිසිදු නිවසක් මොවුන් විසින් ඉදි කර නොමැති බවයි.

මේ වන විට එකී මුදලින් රුපියල් මිලියන 125 ක් (චෙක්පත් 09 ක් මගින්) වංචා කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

තවද, මෙම රාධා ආයතනය 2006 වර්ෂයේ‍දීම වසා දමා ඇත.

මේ සම්බන්ධයෙන් මෙම ව්‍යාජ ආයතනයන්හි අධ්‍යක‍ෂකවරුන් වන ශාන්ති කුමාර් ගජන් කුමාර් යන අයවත් ඔහුගේ මව වන ආනන්දි ශාන්ති කුමාර් යන අයවත් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (07) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

තවද, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් යන අය ඇතුළු රාධා ආයතනයේ අධ්‍යක‍ෂක මණ්ඩලයේ 05 දෙනෙකුගේද ගුවන් ගමන් තහනම් කිරීමේ නියෝගයක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගෙන ඇත.

දුෂණ විරෝධී පෙරමුණ විසින් පොලිස්පති වෙත භාර දී ඇති පැමිණිල්ලක් මත මෙම විමර්ශනය සිදුකරනු ලබන්නේ පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය විසිනි.


lanakanewsweb

police tiran

Last modified on Tuesday, 07 April 2015 21:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us