19ට විරුද්ධ නම් ජනතා වරම ඉල්ලා ඉකමනින්ම මැතිවරණයකට යනවා(audio)

Published in පුවත්
Tuesday, 07 April 2015 15:40

19 වන ව්‍යවස්ථා සංශෝධනය මේ සතිය තුළ සම්මත කර ගැනීමට උත්සාහ ගන්නා බවත් එයට විරුද්ධ වන්නේ නම් ජනතා වරම ඉල්ලා මැතිවරණයකට යාම ඉතා ඉක්මනින් සිදු වන බවත් එජාප මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ දූෂණ සහ අයථා ක්‍රියා පිළිකුල් සහගතව හෙළා දකින බවත් දූෂකයන්ට විරුද්ධව නීතිමය රාමුව තුළ පියවර ගන්නා බවත් ඔහු පැවසුවේය.

දින සියය තුළ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නා බවත් අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට විධායක බලය පැවරීමට පැහැදිලිව තීරණයක් ගෙන ඇති බවත් ඔහු පැවසුවේය.

වර්තමාන ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වතාවේ පමණක් බලතල කිහිපයක් හා අමාත්‍යාංශ කිහිපයක් ලබාදීමට තීරණය කර ඇති බවත් ඔහුගේ නිල කාලයෙන් පසුව ඒ හැම අමාත්‍යාංශයක්ම හා බලයක්ම අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය යටතට පත්වන බවත් ඔහු සදහන් කළේය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයක් මගින් බලයට පැමිණීමට උත්සාහ ගන්නා බවට පතුරන කතා අසත්‍ය බවත් ඔහුට එසේ බලයට ඒමට කිසිසේත් අවශ්‍ය නැති බවත් පැවසුවේය.

ඉතා ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට කටයුතු කරන බවත් අපේ‍්‍රල් 23 වනදායින් පසු මැතිවරණයකට යාමට අවශ්‍ය එකගතාවය ලබා ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/akilaviraj-karayawasam{/soundcloud}

Last modified on Tuesday, 07 April 2015 15:41

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us