මෙවර ජාතික නිදහස් දින උත්සවය කොළඹදී පැවැත්වීමට රජය තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය පෝසප් මයිකල් පෙරේරා මහතා පවසයි.  ජාතික නිදහස් දින උත්සවය පැවැත්වීමට නියමිත වන්නේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදිය.

ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් නීති විරෝධී ලෙස උපයන මුදල් මින්පසු ස්‌විස්‌ බැංකුවල තැන්පත් කිරීම ව්‍යර්ථ කරන නව නීති රීති ස්‌විස්‌ රජය විසින් පනවා ඇතැයි වාර්තාවේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

නෙළුම්පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල 'නෙළුම් පොකුණ ජාතික රඟහල' ලෙස වෙනස්‌ කරන්නැයි කලාකරුවෝ රැසක්‌ සංස්‌කෘතික ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාගෙන් ඊයේ (16 දා) ඉල්ලා සිටියහ.

ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් විශේෂ ප‍්‍රචාරක පුවරු සහ බැනර් මහාමාර්ග දෙපස සවි නොකරන ලෙස රජය ඉල්ලීමක් කරයි. මීට අමතරව ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් විද්‍යුත් රූප රාමු ප‍්‍රදර්ශනය කිරීම, දිරිමත් නොකරන ලෙස ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඡන්ද විමසීම්වලට සම්බන්ධ නීති රීති සංශෝධනය සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා කෙටි කාලසීමාවකින් සිදු කිරීම අනුවණ ක්‍රියාවක්‌ බව මැතිවරණ කොමසාරිස්‌වරයා පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ භාවිත කළ අංක තහඩු නොමැති වාහන සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

රතුපස්‌වල සහ වැලිවේරියේදී පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට වෙඩි තබා මරණයට පත් කළ සහ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානය ඊයේ (16 දා) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us