පාසල් සිසුන් සඳහා ටැබ් පරිගණක බෙදාදෙයි

Published in පුවත්
Wednesday, 08 April 2015 07:10

පාසල් සිසුන් සඳහා "ටැබ්" පරිගණක ලබාදෙන බවත් එහි ප්‍රථම පියවර වශයෙන් "ටැබ්" 1000 ක්‌ තමා ඉගෙනුම ලැබූ කොළඹ රාජකීය පාසල වෙත ලබාදෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම විද්‍යාලයේදී ඊයේ 7 වැනිදා පැවැසීය.

පාසල් තුළ පරිගණක භාවිතය වැඩි කළ යුතු බවත් ආනන්ද, ඩී. එස්‌. ඇතුළු අනෙකුත් පාසල් සඳහාද ටැබ් පරිගණක ලබාදීමට රජය කටයුතු කරන බවද රාජකීය විද්‍යාලයේ නව ගොඩනැඟිල්ලක්‌ විවෘත කිරීමේ උත්සවයට සහභාගිවෙමින් අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙරට අධ්‍යාපනයද දියුණුවන අනෙකුත් රටවල් සේ අනාගතයට ගැලපෙන පරිදි වෙනස්‌ කළ යුතු බවද කී අගමැතිවරයා ඒ සඳහා පරිගණක භාවිත මෙන්ම නව තාක්‌ෂණයද උපයෝගී කර ගනිමින් කටයුතු කළ යුතු බවත් කීය.

ලෝකයේ දියුණු වුණු රටවල පාසල් පංතිකාමරයක සිසුන් සංඛ්‍යාව 25 කට සීමා කර තිබෙන බවත් අපේ රටේ එම සංඛ්‍යාව අඩුම තරමේ 35 ට වත් ගෙන ආ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

තමන් රාජකීය විද්‍යාලය තුළ අධ්‍යාපන ලබන කාලයේ සිදුවූ මිහිරි සිදුවීම් රැසක්‌ පවතින බවද මෙහිදී සිහිපත් කළ අගමැති වික්‍රමසිංහ මහතා රට දියුණු කිරීමේදී දැනුම පදනම් කර ගනිමින් ඊට මුල්තැන දී කටයුතු කිරීම තම අභිප්‍රාය බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

divaina

Last modified on Wednesday, 08 April 2015 07:22

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us