ඊයේ 2 සවස පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහතාට සහාය දැක්වීමට විපක්ෂයට එක්වූ වයඹ පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් වෙඩරුව මහතාගේ නිවසට රාත‍්‍රී කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල ලෙස තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

කුරුණෑගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේ දී කලාකරුකරුවන්ට පහරදීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දිකව ඇප මත නිදහස් කර තිබේ.

ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා පසුගිය 31 වැනිදා සිට ඉල්ලුම් කළ හැකි බවට අදාළ බලධාරීන් විසින් ප්‍රචාරය කළද මෙතෙක්‌ ඒ සඳහා වන අයැදුම්පත්‍රය සකස්‌ කර නැතැයි දැන ගන්නට තිබේ.

මමත් විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාට සහාය දෙන්න යනවා කියලා කතා පැතිරෙනවා. ඒ ගැන බොහෝ දෙනා මගෙන් විමසීම් කරනවා. මමනම් දන්නේ නෑ..බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමාත් පනිනවා කියලා මේ දවස්‌වල කතා පැතිරෙනවා..... ඔය වගේ කතා ඉදිරි දින කිහිපයේදීත් ප්‍රචාරය වේවි යැයි ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ප්‍රකාශ කළේය.

‘නොදන්නා දේවදූතයාට වඩා දන්න යකා හොඳ බැවින් තමන් යකාට ඡන්දය දෙන්නැයි’ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂ උතුරේ ජනයාගෙන් ඉල්ලීමක් කළේය.

‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා මේ වන විට බොරැල්ල කැම්බල් පිටියෙහි කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් පුරවැසි බලය ජන රැළියක් පැවැත්වේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව දිනවීම උදෙසා වැඩ කරන්නේ නැතැයි කියමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සෙනාල් වෙල්ගම මහතාට රාජපක්ෂ පුත්‍රයකු විසින් කනට ගැසූ සිදුවීම සමග ඔවුන්ට රාජපක්ෂ ආණ්ඩුව පිළිබද කළකිරීමක් ඇතිවී තිබේ.

වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබෙන විශාලම වෘත්තිය සමිතිය වන රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයේ විධායක සභාව අද උදැසන අටට පමණ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී භමුවී ඇති බව ලංකාඩේලී වෙත වාර්තා වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us