ශ්‍රී ලංකාව බිහි කළ සුවිශේෂි කෙටි දුර ධාවකයෙක් වන මේ වන විටත් මීටර් 200 සහ මීටර් 400 ඉසව්වල ජාතික වාර්තාලාභියා වන සුගත් තිලකරත්න සහ 2012 ලන්ඩන් ඔලිම්පික් තරගයේදී  ජපන් ජාතික කෙනචි ටාගෝ පරාජය කරමින් ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙට හැර වූ නිලූක කරුණාරත්නත්,ප්‍රවීන ස්කොස් ක්‍රීඩකයෙක් වූ මධුප ජයතිලක යන ක්‍රීඩකයන් මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තිරණය කර තිබේ. 

මෙරට තුළ දිනකට ළමා අපචාර 4ක් සිදුවන බවට ඇතමුන් ගෙන යන චෝදනා අසත්‍යය බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීය පවසයි.

එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පැය 4 කට නොඅඩු කාලයක් සේවා නියුක්තිකයන්ට ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පෞද්ගලික අංශයේ සියලූම සේවායෝජකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

එළඹෙන ජනවාරී 09 වන දින බිහිවන මෛත්‍රීපාලනය වෙනුවෙන් සෙත් පැතීම සඳහා ආගමික වැඩසටහනක් අද(05)මාතර නගරයේදී පැවැත් විණි.

උතුරු පළාත හැර දිවයිනේ අනෙක් පළාත් වල පිහිටුවන ඡන්දපොළ මධ්‍යස්ථාන 11,381 ක ආරක්ෂාව සඳහා එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකා නායකයින් 45,524 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් හෙට (6) සිට පූර්ණ කාලීනව ක්‍රියාකාරී මෙහෙයුමේ නිරත කරවීමට එජාපය පියවර ගෙන තිබේ.

ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා කාලය තුළ මැතිවරණ පැමිණිලි 1185 ක් ලැබී ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි අංශය පවසයි. 

මංගල සමරවීර මහතා ඊයේ (05) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පැ‍රැදුන මහින්ද රාජපක්ෂගේ හා එම පවුලේ සාමාජිකයන්ගේ ජිවිතවල ආරක්ෂාව සහතික කරන බව පැවැසීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවැති සිය ජනාධිපතිවරණ ‍රැළිවලදී තමන් රටින් පැන නොයන බවත් හැමදාම මේරටේ සිටින බවත් අවධාරණය කිරීමට පටන් ගෙන තිබේ.

2005 වසරේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ සමඟ සන්ධාන ගතව සිටි පක්ෂ නායකයන් ඒ වෙනුවෙන් පැවැත්වූ කතා එකතුකර නැවත හෙට උදැසන සිට රාජ්‍ය මාධ්‍ය මඟින් විකාශය කිරීමට සැරසේ. මේ වන විට එම අදාල වීඩියෝ පට සංස්කරණය කරමින් තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us