එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්‌තිලක යන මහත්වරු ජාතික පවුර නමැති අලුතින් දේශපාලන පක්‍ෂයක්‌ පිහිටුවීමට කටයුතු කරමින් සිටිති.

රාජ්‍ය සේවකයන්ගේ දිවා භෝජන විවේකය විනාඩි තිහකට සීමා කරන මෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය රජය වහාම හකුළා ගත යුතු බවත් එසේ නොවුණහොත් සියලු රාජ්‍ය සේවකයන් ඊට එරෙහිව පෙළගස්‌වා වැඩවර්ජනයකට අවතීර්ණ වන බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ (26 වැනිදා) සඳහන් කළේය.

යාපනයේ කයිට්ස් පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විද්‍යා නැමති 17 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර මරා දැමුණු සැකකරුවන්ට දිය හැකි උපරිම දඬුවම් ලබාදෙන බවත්, යාපනය අධිකරණයට ගල් මුල් ප‍්‍රහාර එල්ල කළ සැකකරුවන්ටද දඬුවම් ලබාදීමට පියවර ගන්නා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

හිටපු ගුවන් සේවා ඇමති ෆයිසර් මුස්තාපා ජනාධිපතිවරයාගේ නීති උපදේශක ලෙස පත්කර තිබේ.

සෞඛ්‍ය ශ්‍රේණි 27ක 40,000ක් සේවයන්ට රුපියල් 1000ක දීමනාවක් ලබා දීමට සෞඛ්‍ය බලධාරීන්, වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවක් දී එකගත්වය පල වී ඇත.

මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කර සිටින තමන් නිදහස් කරන්නැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාල ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු මඩුල්ලෙන් ඊවා වනසුන්දර මහත්මිය ඉවත් වී ඇතැයි වාර්තාවේ.

ඉන්දියාවේ චිත්‍රපටි අනුමැතිය සඳහා වූ මාධ්‍ය මණ්ඩලය මගින් පසුගිය යුධ සමයේ මරාදැමුණු රූපවාහිනී මාධ්‍යවේදී ඉසිප්‍රියාගේ ජීවිත කතාව ඇතුලත් Porkalathil Oru Poo නම් දමිළ චිත්‍රපටයට අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව හින්දු පුවත්පත වාර්තා කරයි.

අත්අඩංගුවට ගනු ලැබූ ගලබොඩඅත්තේ ඥාණසාර රුපියල් 5000ක මුදල් ඇපයක් හා රුපියල් මිලියක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us