මැතිවරන ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් යෝජනාවලිය ලෙස මහ මැතිවරණයේදී ජනතා ඡන්දයෙන් පත්වන නියෝජිතයන් 231 ක් හා ජාතික ලැයිස්තුවෙන් පත්කෙරෙන මන්ත්‍රීවරු 29 ක් ඇතුලත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් යෝජනා කොට තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පෙර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් දක්වා ඇති ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට අදාළ යෝජනා සම්මත කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

2005 ජනාධිපතිවරණය ජය ගැනීම වෙනුවෙන් එමිල් කාන්තන් හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබා දීම ඇතුළු මහා පරිමාණ දූෂණ වංචා චෝදනා 5 ක් සම්බන්ධයෙන් රාජපක්ෂ රජයේ ඉහළම තනතුරු දැරූ දේශපාලනඥයන් තිදෙනකු සහ රාජ්‍ය නිලධාරීන් තිදෙනකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තාවේ.

පරාජිත, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු මැයි රැලියකට සහභාගි නොවීමට තීරණය කොට ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

එළඹෙන මහ මැතිවරණයේදී වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීන් 36 දෙනෙකුට එම පක්ෂයෙන් නාම යෝජනා නොලැබෙන ලකුණු පහළ වී තිබේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිනිය විසින් මෙම 36 දෙනාට නාමයෝජනා ලබා දිය යුතු නැති බවට වත්මන් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති බවය.

පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය. උදෑසන 7.40ට පමණ අග‍්‍රාමාත්‍යවරයා රැගත් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 165 දරන යානයෙන් අග‍්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ කොචින් බලා පිටත්ව ගියේය.

19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැනට පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා වන විශේෂ සර්ව පාක්ෂික රැස්වීමක් හෙට (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us