මහ බැංකුවේ විසින් නිකුත් කරනු ලැබු භාණ්ඩගාර බැඳුම්කර සම්බන්ධයෙන් වංචාවක් සිදුව ඇති බවට එල්ලවූ චෝදනා විමර්ශනය සඳහා පාර්ලිමේන්තු පොදු ගිණුම් කාරක සභාව (COPA)හමුවේ පිළිතුරු බැඳිමට මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාව අද දින කැඳවා ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ සහය ශ්‍රී ලනීපයට ලබා ගැනීම සඳහා පෙරේදා පත් කර ගන්නා ලද 6 පුද්ගල කමි‍ටුව විසින් පැය කිහිපයක් තුල එම ගැටලුවට පහසු උත්තරයක් සොයාගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලනීපයේ අගමැති අපෙක්ෂකයා ලෙස හිටපු ජනාධිපතිවරයා පත් කළ යුතුය. එවිට ප්‍රශ්නය අවසන් වන බවත් ශ්‍රී ලනීපයට ආණ්ඩුවක් පිහිටවිය හැකි බවත් ඔවුන් පවසයි.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා ප්‍රමුඛ කණ්ඩායමක් පසුගියදා දෙමල ඩයස්පෝරාව සමඟ කළ සාකච්ඡාවෙන් පසුව ඩයස්පෝරා කණ්ඩායම් අතර ගැ‍ටුම් වර්ධනය වී ඇති බව සඳහන් කළේය. දැඩි එල්ටීටීඊ හිතවාදී කණ්ඩායම් හා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කණ්ඩායම් මෙන්ම ව්‍යාජ ජාතිවාදී වෙස් මුහුණු පැළඳගෙන සිටින කණ්ඩායම් අතර මේවන විට උග්‍ර වී ඇති ගැ‍ටුම් දෙමළ මාධ්‍යන් අතර ද දැඩි කතා බහටද ලක්ව තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප සභාපතිත්වයෙන් ඉවත් කිරීම සඳහා බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග තම නිවසේ කුමන්ත්‍රණකාරී සාකච්ඡාවට තුනක් පැවැත්වූ බව අනාවරණය කර ගැනීමට ජනාධිපතිවරයා සමත් වීමත් සමඟ ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති රීති උල්ලංඝනය කරමින් ලබා දී ඇති මත්පැන් බලපත්‍ර අවලංගු කරන මෙන් උතුර පළාත් සභාව මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

හිටපු ජනාධිපතිවරයා මේ දිනවල නා ගස්, නුග ගස් තිබෙන වෙහෙර විහාර සෙවීම සඳහා කණ්ඩායමක් පත් කර ඇතැයි වාර්තාවේ. හිටපු ජනාධිපතිවරයාට මේවන විට ඇතිවී තිබෙන නරක දසාව නිසා ඒ සමනය කර ගැනීමට බෝධී පූජා පැවැත්වියයුතු බවට ලැබී තිබෙන ජෝතිෂ්‍ය උපදෙස් අනුව එම බෝධි පූජා පැවැත්විය යුතුව ඇත්තේ නා ගස්, නුග ගස් ඇති විහාරස්ථාන වලය.

ජිනීවා නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ ක්ෂණිකා සෙනෙවිරත්නට එල්ලවී තිබූ චෝදනා සියල්ල පිළිගත නොහැකි බව සනාථවී ඇති නිසා ඇය තායිලන්තයේ තානාපති ලෙස පත් කිරීමට තීරණය වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂනී කොළොන්නේ මහත්මිය පැවසුවාය.අද (17) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පවසා තිබේ.

මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ නියෝජිතයන් හා පොලිස්පතිතුමා අතර පසුගිය දිනක පැවැති සාකච්ජාවකදි කරන්නට යෙදුන ඉල්ලිමක් පදනම් කරගනිමින් පොලිස්පති එන්.කේ ඉලංගකොන් මහතා ඊයේ සිට එය ක්‍රියාත්මක කරන්නට පටන්ගෙන ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us