වෛද්‍ය නිලංග සමරසිංහ මහතාට එල්ල වී ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් අද (26) දිනයේ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන් පිළිබඳ කළ සමීක්ෂණ වාර්තාවක් පාදක කර ගනිමින් එබඳු පුද්ගලයන්ට නාම යෝජනා දීමෙන් වළකින ලෙස පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමෙහි එක් ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය නිලංග සමරසිංහ මහතාට පසුගිය දින කිහිපයකම තර්ජන එල්ල වුයේය.
එ් අනුව ලබන සඳුදා සිට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයාට විශේෂ කාර්ය බලකා ආරක්ෂාව හිමිවනු ඇත.
සබැදි පුවත්
මට ලැබිය යුත්තේ ගිනි අවියක් නොව පොලිස් ආරක්ෂාවයි-නිලංග සමරසිංහ
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන් හෙළි කළ වෛද්‍ය නිලංගට මරණ තර්ජන