මෙවර ප්‍රංශ කැන්ස් සම්මාන උළෙලදි ශ්‍රිලංකාවේ එල්.ටි..ටි.ඊ ළමා සොල්දාදුවෙකුව සිටි අන්තෝනිදාස් ජේසුදාසන් ලොව මහා චිත්‍රපට උළෙල ලෙස සැලකෙන කෑන්ස් චිත්‍රපට උළෙලේ දී ‘‘පාම් දෝ‘‘ රන් සම්මානය හිමිකරගෙන ඇත.

ඒ ගැන අපුරු සටහනක් තබා ඇති ලංකාදිප වෙබ් අඩවිය එහි ශිර්ෂ පාඨය ලෙසින් යොදාගන්නේ 

ළමා කොටියාට ප්‍රංශ සම්මානයක් යන්නයි.ජේසුදාසන් ශ්‍රිලාංකිකයෙකි.
එහෙත් ලංකාදිප කර්තෘ මණ්ඩලයට ඔහු ළමා කොටියෙකි.
ළමා කොටි යැයි ජාතියක් ඇතිද ?
ශ්‍රිලංකාවව තුල ශ්‍රි ලංකික ජාතියක් යන සංකල්පය ගොඩනැගිමට ඇති සැබෑ අභියෝගය තේරුම් ගන්නට මෙය කොතරම් කදිම නිදසුනක්ද ?
අපි සංහිදියාවට කොතරම් දුරද ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සඳහා සමාජිකයින් නම් කර තිබේ.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර කුරුඳුවත්ත පොලිසිය විසින් අද(26) අත්අඩංගුවට ගෙන තිබේ.

පෞද්ගලික අංශයට ලබාදී ඇති රජයේ ආයතනවල ආරක්ෂක සේවය සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් යෙදවීමට රජය තීරණය කර අැත.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කීර්තිමත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ ජගත් පී. විඡේවීර මහතා ඊයේ (25 වැනිදා) සිය තනතුරෙන් ඉල්ලා අස්‌වී ඇත.

රාජ්‍ය සේවකයන්ගේ දිවා භෝජන විවේකය විනාඩි තිහකට පමණක්‌ සීමා කරන ලෙස උපදෙස්‌ දෙමින් රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් ඡේ. දඩල්ලගේ මහතා විසින් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක්‌ නිකුත් කර ඇත.

බැඳුම්කර නිකුතුවත් සමඟ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සිදු මිණැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂවරයාට ඊයේ (25) ඒපිළිබඳ ලිපි ගොනුවක් භාර දුන්හ. කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යාලයට ගිය හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රධාන හිටපු ඇමැතිවරු පිරිසක් මේ පැමිණිලි ඉදිරිපත් කළහ .

පසුගිය සතියේදී නිකුත් වූ රන්දිව ඉරිදා පුවත් පත එහි අවසන් කලාපය බව වාර්තාවේ. වසර පහක පමණ කාලයක්  පුරා හිමිකරුවන් කිහිප දෙනෙකු යටතේ ප්‍රකාශයට පත් කළ රන්දිව ඉරිදා පුවත් පතේ වර්තමාන හිමිකරු වන්නේ ව්‍යාපාරික රවී විජේරත්න මහතාය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us