උතුරු නැගෙනහිර දෙපළාතට සීමා වී සිටින දෙමළ ජාතික සන්ධානය එළඹෙන මහ මැතිවරණයේදී දිවයිනේ සියළූම දිස්ත්‍රික්ක සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සැලසුම්කරමින් සිටී.

ඌව හිටපු මහ ඇමැති හා කතරගම මහ දේවාලයේ බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් පොලිසියේ මූල්‍ය අපරාධ කොට්ඨාශය දැන් ප්‍රශ්න කිරීම් සිදුකරගෙන යයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට එරෙහි චෝදනා ඉදිරිපත් කිරීම පිටුපස අමාත්‍ය චම්පික රණවක මහතා සිටින බවට මාධ්‍යවල පලවී ඇති වාර්තා සත්‍ය නොවන බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

හිටපු ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විස්න් සංවිධානය කළ කාල්ටන් 7 රග්බි සැනකෙළිය හා රාත්‍රී මෝටර් රඨ ධාවන තරඟ වෙනුවෙන් ශ්‍රී ලංකන් එයාර් සමාගම රුපියල් මිලියන 86ක් වැයකර ඇති බව වාර්තාවේ.

අන්තර්ජාතික පොලිස් අපරාධ ඒකකයේ නිළධාරීන්ට(interpol) ශ්‍රී ලංකාවට ඇතුළු වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තාවේ. මෙතුවක් කල් 'ඉන්ටර්පොල්' නිලධාරීන්ට විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවසරය ලැබී නොතිබුණු අතර පසුගියදා මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ඉදිරි පත් කළ කැබිනට් පත්‍රිකාව මඟින් මෙම නිළධාරීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වී විමර්ශන කටයුතු කිරීම සඳහා විශේෂ අවසරයක් ලබා දෙන ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ඊයේ (9) සවස මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලය වන නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගොස් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ උපදෙස් මත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රීලනිප යේ මැයි දිනයට සහභාගී වන ලෙසට ආරාධනා කළේය.

රජයේ සේවකයන්ගේ අප්‍රේල් මාසයේ වැටුප් දීමනා සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ඇතුළු සියලු දීමනා ගෙවීමට අවශ්‍ය රුපියල් කෝටි පන්දහසක (බිලියන 50කට අධික) මුදල කිසිදු ප්‍රමාදයකින් තොරව මහා භාණ්ඩාගාරය විසින් ඊයේම (09) අදාළ අමාත්‍යාංශ හා ආයතනවලට ලබාදුන් බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රකාශ කෙළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය වාසස්ථානය ලෙස තොරාගෙන තිබෙන 'මොනර භවන' නම් නිවහනේ ඉදිරිපිට පිහිටි පිහිණුම් තටාකය වැලි පුරවා වසා දමන ලද්දේ ඉන්දියානු වාස්තුවේදීන්ගේ නියමය පරිදි බව වාර්තාවේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us