එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එහි පළමු පියවර වශයෙන් මාර්තු පළමු සතියේ සිට නව සාමාජිකයන් බඳවා ගැනීම සිදු කරන බව කී වික්‍රමසිංහ මහතා එජාප සාමාජිකත්වය සියලු දෙනාටම විවෘත බව ද කීය.

පසුගිය අඟහරුවාදා(24දා ) පැවති ජාතික විධායක සභාවේදී උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධව ශ්‍රී ලංකා රජය හා ඉරානය අතර අත්සන් කෙරුණු ගිවිසුම අතුරුදන්ව ඇති බව අනාවරණය වේ. ඉරාන රජයේ ආධාර යටතේ ආරම්භ වූ මේ ව්‍යාපෘතිය මේ වනවිට තවකාලිකව අත්හිටුවා ඇත.

මුහුදු ආරක්‍ෂක නිලධාරින්ගේ (Sea Marshel Officers)නිදහස් සේවා ගිවිසුම් අහෝසි කොට හිටපු ආරක්‍ෂක ලේකම් විසින් වංචා සහගත ලෙස ඇවන්ගාර්ඞ් පෞද්ගලික ආරක්‍ෂක සමාගමට පැවරීම සම්බන්ධව අන්තර් සමාගම් සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබේ.

රාජපක්ෂ පාලන සමය තුළ මෙරට මාධ්‍ය නිදහස අහිමිව තිබූ බවත් වර්තමානය වන විට යළි මාධ්‍ය නිදහස ස්ථාපිතව පවතින බවත් ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

යහපාලනය හොරුන්ට පැනයා හැකි පාලමක් නොවිය යුතු බවත් පසුගිය කාලසීමාව තුළ ඝතනයට ලක්වූ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් ගැන හා සුදු වෑන්වලින් පැහැරගත් අය ගැන සෙවීමට කොමිසමක් පත් කළ යුතු බව එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මීරිගම කණ්ඩලම වලව්වේ නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටියදී අලි පැටවෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර මෙම මස 28 වැනිදාට වසරක කාලයක් සපිරේ. වර්ෂ 2014 පෙබරවාරි 18 වැනිදා සිදුවූ එම වැටලීමෙන් පසු මේ දක්වා අවස්ථා ගණනාවකදී විවිධ ව්‍යාපාරිකයන්, ප්‍රභූන් හා චීවරධාරීන් සන්තකයේ සිටියදී වනාන්තරවලින් නීතිවිරෝධී ලෙස අල්ලාත් බව විශ්වාස කරන අලි පැටවුන් ගණනාවක්ම වනජීවී භාරයට ගැනීමට බලධාරීන් කටයුතු කලද ඒ හැර මේ දක්වාම මේ වනජීවී ජාවාරමට තිත තැබීමට අවශ්‍ය කිසිඳු සාධනීය ක්‍රියාමාර්ගයක් ගැනීමට බලධාරීන් කටයුතු කර නොමැති බව අවධාරණය කල යුතුය.

ඉන්දියා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වු බව කියන ශී‍්‍ර ලංකා ජාතික ධීවරයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමකින් තොරව අනතුරු ඇගවීමක් පමණක් සිදුකර නැවත ශී‍්‍ර ලංකාව වෙත යවන්නැයි ඉන්දියා රජය එරට වෙරළාරක්ෂක හමුදාව වෙත දන්වා තිබේ.

වර්තමාන ශ්‍රීලංකා වුෂු සම්මේලනයේ නිළධාරීන්ගේ කටයුතු වුෂු ක්‍රීඩාවේ ප්‍රගතියට බාධාවක් වී ඇති බවත් එක දිගට වසර 15ක් පමණක් මානෙල් ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරීන් මණ්ඩලයක් සිටින නිසා ඉතා දැඩි ලෙස ඔවුන් දූෂිත ආකාරයට පත් වී ඇති බවත් අන්තර් ජාතික වුෂු විනිසුරු හිටපු තේරීම් කමිටු

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us