අසරණ මහින්ද, ඝාතන ප්‍රයත්නය පි‍ටුපස විමල්

Published in පුවත්
Thursday, 23 July 2015 11:21

පසුගියදා අකු‍රැසේදි වූ සිදු වීම අල්ලා විමල් වීරවංශත් මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකයත් උත්සහ ගනු ලැබුවේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂව ඝාතනය කිරීම සඳහා උත්සහයක නියැළුන බව කීමටය. ඊට, අලුත්ගමදි හමුවූ දුම් බෝම්බයත් මිරිහානේ සුදූ වෑන් එකත් අඩ තැබීය.

විමල් වීරවංශලාට අවශ්‍යවන්නේ දැන් මහින්දගේ දෙපා මුළ රතිඤ්ඤා කරලක් හො පුපුරුවා ඔන්න යහපාලනයයි කොටියි එකතුවෙලා මහින්දව මරන්න හදනෝ යැයි කියමින් මෙවර ඡන්ද ගොඩ යෑමයටය.

එහෙත් ඒ උපක්‍රමය ගැන මෙලෝ හසරක් නොදැන සිටි අසරණ මහින්ද ඒ ව්‍යාපෘතියම විනාශ කර දැම්මේය.

"ඊයේ මගේ අතේ එල්ලුනා ආදරේට, බීලද කොහෙද හිටියේ, හොද ශ්‍රී ලංකා කාරයෙක්, ඇවිල්ල ඇගිල්ල අල්ලපු විදිහට තවටිකෙන් මගේ ඇගිල්ල කැඩෙනවා, මම ඉතින් මෙහෙම කරලා තල්ලු කළා, තල්ලු කරන්නේ නැතුව එකේ එල්ලිලා මගේ ඇගිල්ල කඩාගන්නද"

අකුරැස්ස සිදුවූ සිදුවීම මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේම එසේ කීවේය.

විමල් වීරවංශලාට මහින්දව අවශ්‍ය වූයේ පාර්ලිමේන්තු ගමනට පමණය. මහින්දට නාම යෝජනා දෙන්නැයි විමල්,සුසිල් අනුර යාපා ආදීන්ද මෛත්‍රීගෙන් ඉල්ලා සිටියේද මහින්දට අගමැතිකම දීමට තමන්ද එකඟ නැතැයි කියමිනි. මේ නිසා ඇත්තටම මහින්ද රාජපක්ෂට මොන හෝ අනතුරක් වෙනවා නම් විමල්ලා ඉහළින්ම කැමැති වෙනුද ඇත. ඒ නිසා හෙට දවසේදී මහින්දට යම් අනතුරක් වුවහොත් ඊට විමල්ලාගේ ඇති සම්බන්ධයද සෙවීම අනිවාර්ය කටයුත්තකි.

මන්ද විමල් වීරවංශලා දැන් සිටින්නේ මරු විකලෙනි. මාරගෙන මැරී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් ලබා ගැනීමේ කෑදර ආශාවෙන් නිසාය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us