අපට ඕන හැම පවුලක්ම රජ කරවන්න-රනිල්

Published in පුවත්
Thursday, 23 July 2015 15:23

''මට ඕනෑ රජ පවුලක් ඇති කරන්නට නොවේ හැම පවුලක්ම රජ කරවන්න'' යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමේ උත්සවයට අද(23) සහභාගී වෙමිනි.

එක්සත් ජාතික පෙරමුණ මෙවර පැවැත්වෙන මහමැතිවරණයේදී ජනවරම ඉල්ලා සිටින්නේ ජනතාවටම වාසි සැලසෙන දේශපාලනයක් අැති කිරීමට බවත් ජනතාවගේ අනාගතය තහවුරු කළ දාට තමාගේ අනාගතයද තහවුරු වන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

ජනවාරි 8 වැනිදා ලබාගත් ජයග්‍රහණය තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් බලාපොරොත්තු වන බවත් අගෝස්තු 17 න් පසු මෙවර අැති කරන ක්‍රමවේදය වෙස්මිනිස්ටර් ක්‍රමයෙන් ඉදිරියට යාමක් බවත් මුළු පාර්ලිමෙන්තුවම එකතු කර ගත් සම්මුතිවාදී පාලනයකට අවතීර්ණ වී 21 වන සියවසේ ලිච්ඡවී පාලන ක්‍රමයක් අැති කර රට දියුණුව කරා ගෙන බව හෙතෙම පැවසුවේය.

මාස 60 කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය ඇතුළත් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ආර්ථිකය දියුණුකිරීම, දූෂණය මුලිනුපුටා දැමීම, නිදහස තහවුරු කිරීම, යටිතල පහසුකම් සඳහා ආයෝජනය සහ අධ්‍යාපනය ඉහළ නැංවීම වැනි ක්‍රියාවලිය ඇතුලත්ය. මෙය මැතිවරණ ප්‍රකාශනයක් නොවන බවත් මෙය සැලැස්මක් බවත් ඒ සැලැස්ම උදෙසා ජන වරම ඉල්ලා සිටින බව පැවසුවේය.

මෙම වැඩසටහන දේශපාලන පක්ෂ,මන්ත්‍රීන්ට සීමා කර නැති බවත් සිවිල් සමාජයේ උගතුන්ගේ අදහස් ලබා ගනිමින්, ඒ සදහා වෙනම උපදේශක සභා අාරම්භ කරන බවත් ,මේ සමග ගම් මට්ටමින් අැති කරන පොකුරු ගම්මාන ක්‍රමය යටතේ තීරණ ගන්නේ ගමේ නියෝජිතයින්ගෙන් සැදුණු කමිටුවක් මගින් තීරණ ගන්නා බවත් පක්ෂ දේශපාලනයට වඩා ජනතාව සහභාගි කර ගන්නා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බවත් පැවසුවේය.

‘මට ඕනෑ මගේ අනාගතය තහවුරු කරගන්න නෙවෙයි. ඔබ සියලූ දෙනාගේම අනාගතය තහවුරු කළ දාට මගේ අනාගතය තහවුරු වෙනවා. ජනවාරි 8 වැනිදා විප්ලවය, දින 100 වැඩපිළිවෙල තහවුරු කරගෙන ඉදිරියට යාම සඳහා වන විප්ලවය ආරම්භකිරීම සඳහා අගෝස්තු 17 වැනිදාට එක්සත් ජාතික පෙරමුණට ඡන්දය ලබාදෙන්නැයි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මට ඕනෑ රජ මාළිගාවක් හදන්න නෙවෙයි. ඔබ සියලූ දෙනාගේම නිවස, ගෙවත්ත, කුඹුර ඔබේ රාජධානිය බවට පත්කරන්න‘ යනුවෙන්ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේය.

මේ හරහා පැවතිජපවුල් පාලනයට වඩා වැඩි යහපත් වෙනසක් අැති කිරීමට කටයුතු කරන බවත් රටේ අනාගතය වෙනුවෙන් අලුත් මාර්ගයක යාමට ජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

වැඩි දුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ තමාට රජ පවුලක් හැදීමට අවශ්‍ය නැති බවත් මෙම වැඩ පිළිවෙල හරහා තමාට අවශ්‍ය වී අැත්තේ සෑම පවුලක්ම රජ කරවීමට බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us