දයාසිරි මහින්දට එරෙහි මැතිවරණ ව්‍යාපාරයක (photos)

Published in පුවත්
Thursday, 23 July 2015 14:32

'පසුගිය වසර ගණනාවක් පුරා විවිධ පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැව්වා තමන්ගේ ගම,නගරය සංවර්ධනය කිරීමේ අරමුණෙන්. එත් වැඩක් වුනේ නෑ. අපි මෙවර හරි මිනිස්සු පාර්ලිමේන්තුවට යවමු.. පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කාර්යශූර, උගත්, බුද්ධිමත් පිරිසක් මිස ජනතාව ලබා දෙන බලයෙන් වංචාවට, දූෂණයට, මත්ද්‍රව්‍ය බෙදාහැරීමට අනුබල දෙන්නන් නොවන පුද්ගලයින් බව ජනතාව මතක තබා ගත යුතුයි.' යැයි වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය, දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (23) කුරුණෑගල කටුපොත ජනතාව හමුවූ අවස්ථාවේදීය.

"..පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කාර්යශූර, උගත්, බුද්ධිමත් පිරිසක් මිස ජනතාව ලබා දෙන බලයෙන් වංචාවට, දූෂණයට, මත්ද්‍රව්‍ය බෙදාහැරීමට අනුබල දෙන්නන් නොවන පුද්ගලයින් බව ජනතාව මතක තබා ගත යුතුයි.

මේක ජනතාවට ලැබුනු මහගු අවස්ථාවක්. නමුත් ඔවුන් පාර්ලිමේන්තුවට ගොස් කල කී දේවලින්, මේ රට වසර 30 යුද්ධයෙන් මුදවාගෙන රට එක්සේසත් කල, ශ්‍රී ලංකාව ලෝකයෙන්ම සංවර්ධන වේගය අතින් පළමු තැනට ගෙන්න ක්‍රියා කරපු ප්‍රබල ආණ්ඩුවක් බිද වැටීමට හේතු වුනා.

අද තරුණ පරම්පරාව ගොඩාක් බුද්ධිමත්, ඔවුන් දැන් පක්ෂයකට බැදිලා වැඩ කරන්නේ නෑ. අද වන විට සාම්ප්‍රදායික මැතිවරණ රටාවෙන් මිදිලා පුද්ගලයා බලලා මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන තත්වයක් උදාවෙලා තියෙන්නේ. රටේ ඉදිරි අනාගත ගමන් මග ගැන තීන්දු තීරණ ගත යුත්තේ, වැඩිහිටියන්, නංගිලා මල්ලිලා දැනුවත් කරලා නිසි මාර්ගය පෙන්නන එක දැන් පැවරිලා තියෙන්නේ දැන උගත්, බුද්ධිමත්, රටට ආදරය කරන තරුණ ඔබ අතේ.."

දයාසිරි ජයසේකර මහතා මෙහිදී නොකියා කියන්නේ තමන්ගේ දිස්ත්‍රික්කයට වැදී තම මනාප ටික කොල්ලකාගෙන පාර්ලිමේන්තු යෑමට සිටින දූෂණ චෝදනා එල්ලවී ඇති මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැන්නන්ට මනාපය පාවිච්චි නොකළ යුතු බවය.

කෙසේ නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප පොරය මහින්ද රාජපක්ෂ හා දයාසිරි රාජපක්ෂ අතර වඩා උණුසුම්ව ඇති බව වාර්තා වෙමින් පවතින අතර රජපක්ෂ මහතා සිය මැතිවරණ ව්‍යාපාරයට ජයසේකර මහතාව හවුල් කර ගැනීමෙන් වැලැකී සිටින අතර ජයසේකර මහතාද ශ්‍රී ලනීප දිස්ත්‍රික් බලමන්ඩල ‍රැස්වීමකටවත් රාජපක්ෂ මහතාට ආරාධනා නොකරයි.

katupotha

katupotha-3

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us