බල සූදුවෙන් පත්වන රනිල් හෝ මහින්ද අගමැති ලෙස ජනතාව පිළිගත යුතු නැහැ...ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව ප්‍රගතිශීලී බලවේග සමග එක්ව සටන් කරනවා...ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් අද පැවැති මාධ්‍ය හමුවකදී සපත කර සිටියේය.

ශ්‍රී ලංකාව නම් මේ සිංහල බෞද්ධ රටේ  ජාරා ජීර්ණ වූ කහකඩධාරීන් අතර ප්‍රමුඛයෙකු වන අතුරලියේ රතන නම් කහකඩධාරියා සුපුරුදු ලෙස වාසි පැත්තට හෝයියා කියමින් මහින්ද රාජපක්ෂට සහය දැක්වීමට ඉදිරිපත්ව තිබේ. රෙදි ඇඳගෙනද එහෙම කළේ යැයි අසන්නට නොහැකිය.

පසුගිය සිකුරාදා (26) දින මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් පසු ගෙවී ගිය දින 3ක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම 36.61% කින් වැඩි වී තිබෙනවා. එය රුපියල් මිලියන 32.014ක වැඩි වීමක් පෙන්නුම් කරමින් රුපියල් මිලියන 119, 463.60ක් දක්වා ඉහළ ගොස් ඇති බව සිලෝන් ටුඩේ පුවත්පත පෙන්වා දෙනවා.

මේ වන විට සිර මරා බලුපූට්‍ටුවට නීත්‍යානුකූලභාවය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති වීම තහවුරු වීමත් සමඟ සිරිසේන ජනාධිපතිවරයා මහින්දව අගමැති කිරීමේ ආශාව අත් හැර ඇත.

දවසින් දවස තමන්ගෙ පිලට මන්ත්‍රීවරු එක් කර ගැනිමට හැකි වීම ගැන රාජපක්ෂ බත් බැලයන් වෙච්ච පොල්ලෙලි වහලුන් සතුටෙන් ඉපිල යති. ඔන්න අපිට තවත් එකක්. අද තව දෙන්නෙක් එනවා තුනක් එනවා දහයක් එනවා විස්සක් එනවා..බහුතරය අපිටයි කියමින් සිව්වනක් ප්‍රීතියට මේ අය පත් ව තිබේ.

මේ වන විට ‍රැඳවුම් බාරයේ සිටින එල් ටී ටී ඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලන් 166 ෙදනා නිදහස් කිරීමට සිර + මරා බලු පූට්‍ටුව තීරණය කර තිබේ. දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනිමත් උතුරේ දෙමල ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනිමත් වෙනුවෙන් මේ පියවර ගෙන තිබේ. 

මන්ත්‍රීවරු විසිදෙනෙකු පමණ මිළදී ගැනීම සඳහා රාජපක්ෂලා මේ වන විට රුපියල් බිලියන 10 කට (රු. කෝටි 1000 කට ) ආසන්න මුදලක් වැය කිරීමට කටයුතු යොදා තිබේ. මෙය බරපතල දේශපාලන සූදුවකි. සදාචාරාත්මක නැත. දේශපාලනිකද නැත. නීත්‍යානුකූලද නැත.

පසුගිය රාජපක්ෂ සමයේදී රාජ්‍ය මුදල් නාස්ති කරමින් පැවැත් වූ සංදර්ශන බොහොමයක කොන්ත්‍රාත් බාරගෙන සිටි භාතිය සන්තුෂ් දෙපළ යලිත් ඒ පරණ සෙල්ලමට අත දැමීමට උත්සහ ගනිමින් තිබෙන බව වාර්තා වේ.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us