පාර්ලිමේන්තුව විසුරුවන ආරංචියෙන් ශ්‍රීලනීප නාමයෝජනා යුද්ධය ඇවිලේ.

Published in පුවත්
Wednesday, 07 November 2018 17:35

ජනාධිපති සිරිසේන විසින් තමන්ට බහුතර බලයක් පාර්ලිමේන්තුව තුල ගොඩනගා ගැනිමට නොහැකි වීම නිසා ව්‍යවස්ථා විරෝධීව හො පාර්ලිමේන්තුව විසුරුවා හරීමට තීන්දු කර ඇතැයි පැතිර යන ආරංචියත් සමඟ ශ්‍රිලනිපයේ මන්ත්‍රී අපේක්ෂක නාමයොජනා යුද්ධය ආරම්බ වී ඇත.

මේ වන විටත් ශ්‍රීලනීප මහ ලේකම්වරයාට නාම යෝජනා ගැටලුවට මුහුණ දීමට සිදුව තිබෙන බව ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි. එහෙත් ජනාධිපතිවරයා බරපතල දේශපාලන වියවුලක සිටීම හා නිශ්චිත තීන්දුවක් නොමැති නිසා මහ ලේකම්වරයාද අන්ද මන්ද වී සිටින බව සැලවේ.

 මේ අතර ශ්‍රීලනිපයට , පොහොට්‍ටුව ලකුණෙන් තරග කළ යුතු බවට මහින්ද රාජපක්ෂ ගෙන තිබෙන තීරණය නිසා සිරිසේන කණ්ඩායම තව දුරටත් වික්ෂිප්තව සිටී. සිරිසේන කණ්ඩායමයට පොහො‍ටුවෙන් නාම යොජනා දීම සම්බන්ධයෙන් ඒ ඒ දිස්ත්‍රික් නායකයො මේ වන විටත් විරෝධය පළ කර ඇත, එමෙන්ම එජාපයෙන් එක්වූ පිරිසටද පොහොට්‍ටුවෙන් නාම යොජනා දුන් විට මේතෙක් කල් පොහොට්‍ටුව වෙනුවෙන් බැල මෙහෙවර කළ සංවිධායකයන් ගනනවකට අවස්ථාව අහිමි වෙනු ඇත.

මේ තත්වය මත ශ්‍රිලනිපය නියොජනය කරන මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීන්ට අමතරව සිරිසේන සමග සිටින වෙනත් ප්‍රදෙශීය සංවිධායකයන් බරපතල අවුලකට පත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ සිරිසෙන පිලෙහි ජවය ලෙස හැදින් වූ දුමින්ද දිසානායක ඇතුලු කණ්ඩායම ශ්‍රිලනිපයේ අත ලකුණින් හ ඒජනිස බුලත් කොළය ලකුණින් හැර පොහොට්‍ටුව ලකුණින් තරග කිරීමට කිසිසෙත් එකග නැති බව පවසා ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us