යම් අමාත්‍යාංශයක හෝ ආයතනයක විෂය පථයට අදාළව මහජනතාවට හෝ ජනමාධ්‍යයට තොරතුරු සැපයීමෙන් මුළු රජයමත් ආයතනයක්‌ හෝ නිලධාරියකු අසීරුතාවට පත්වීමට ඉඩ ඇත්නම් ඒ සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය අනුව කටයුතු කිරීමට වග බලා ගත යුතු යෑයි ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට ලි ඛිතව දැනුම් දී ඇත.

බන්ධනාගාර රැඳවියන්ට පරිගණක තාක්ෂණ පුහුණුව ලබාදීමේ කඩිනම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම කෙරෙහි රජය අවධානය යොමු කර අැත.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීම් සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට දකුණු ඉන්දීයාවෙන් විරෝධය පලවේ.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිගත හැකි සාධාරණ අවංක වූ විසඳුමක් ඉදිරිපත් වේ නම් ඊට එකඟ වන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය අද (07) විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එම අමාත්‍යංශයේදී හමුවිය. මෙහිදී ඉන්දිය නියෝජිතයන් හා ශ්‍රි ලංකාවේ විදේශ අමාත්‍යංශ නිලධාරින් අතර සාකච්ඡාවක්ද පැවැත්වීය.

විලාසිතා ලොවේ කැපී පෙනීම සඳහා දෙපාවල සුව පහසුව පවා නොතකා හැකි තරම් උසැති සපත්තු පළදින්න උත්සාහ කරන පුද්ගලයන් ඉන්නවා. අපේ සිරුරේ ‘අඩු සැලකුම්’ ලබන කොටසකි තමයි දෙපා. අප මදකට හෝ කකුල් ගැන සිතන්නේ සපත්තු ගන්නට යන විටෙකදී පමණි. එවිටත් අපේ වැඩි සැළකිල්ල යොමු වන්නේ දෙපා වල සුව පහසුව ගැන නොව විලාසිතා පිළිබඳවයි.

ගොවියන්ගේ හා කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම අරමුණු කොට ගත් නව දේශපාලන පක්ෂයක් ගොඩනැගීමට උතුරු පළාතේ දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිසක් පසුගියදා කටයුතු කළේය. තොලිලලර්,විවසයිකල් වාල්වුරිමෛ කච්චි එම පක්ෂය නාමය වේ.

පසුගියදා ශ්‍රී ලංකාවේ රජය මගින් වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නැවැත්වීමට පියවර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනය ප්‍රකාශ කර ඇත්තේ එම සමාගම්වල නිත්‍යානුකුල අයිතීන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය අවධානය යොමු කළ යුතු බවයි.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us